COVID-19 වෛරසය ව්‍යාප්තියත් සමඟින්, සමාජ දුරස්ථභාවය යන කාරණය අන් කවරදාටත් වඩා ඉස්මතු වී තිබෙන කාලයක් අප පසු කරමින් සිටිනවා.
මෙම වෛරස ව්‍යාප්තිය විසින් ලොව පුරා බොහෝ ක්ෂේත්‍රයන් වල වැඩ කටයුතු අකර්මණ්‍ය කළ අතර එය ක්‍රීඩා ක්ෂේත්‍රයට ද තදින් බලපා ඇති අතර මේ නිසාම ප්‍රේක්ෂකාගාරයක් නොමැතිව තරඟ පැවැත්වීමට සමහර රටවල තරඟ සංවිධායකයින් තීරණය කොට තිබෙනවා.
ප්‍රේක්ෂකයින් නොමැති වීම යන ගැටලුවට අපූරු විසඳුමක් ලබා දෙන්නට ජපාන Baseball කණ්ඩායමක් පසුගියදා කටයුතු කර තිබුණු අතර, එනම් එම තරඟය අතරතුර නර්තනය සහ තරගකරුවන් දිරිගැන්වීම සඳහා රොබෝවරුන් යොදාගැනීමයි.
「Spotさん」と「Pepperさん」によるおそらく宇宙史上初のいざゆけ若鷹軍団コラボレーションダンス(部) #sbhawks pic.twitter.com/MeGxUkmxo6
— パ・リーグ.com Lite / パーソル パ・リーグTV Lite (@PLcom_lite) July 7, 2020
ජපානයේ, Fukuoka SoftBank Hawks සහ Rakuten Eagles යන Baseball කණ්ඩායම් දෙක අතර පැවති තරඟයකදී මෙලෙස නර්තනය සඳහා රොබෝවරුන් භාවිතා කර ඇති අතර මිනිස් අනුරූ හා සුනඛ අනුරූ ලෙස රොබෝවරුන් නිර්මාණය කර තිබෙනු දැකගත හැකි වුණා.
එමෙන්ම ඔවුන් විසින් විවිධ චලනයන්ගෙන් යුත් අපූරු නර්තනයක් තරගය පුරාම ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.
I’m not sure ifthe robots paid to get in. pic.twitter.com/GmpIGtDtt0
— Jim Allen (@JballAllen) July 7, 2020
තරගය පැවති ක්‍රීඩාංගණය හතළිස් දහසක පමණ ප්‍රේක්ෂක පිරිසකට පහසුකම් තිබූ නමුත් මෙම දැවැන්ත ප්‍රේක්ෂකාගාරයේ හිස් බව සපුරාලන්නට මෙම රොබෝවරුන් සමත් නොවුණද එය රොබෝ තාක්ෂණයෙන් මිනිසුන් ලබා ඇති ප්‍රගතිය සිහිගන්වනවා.
මිනිසුන්ට සාමාන්‍යයෙන් කළ හැකි බොහෝ කාර්යයන් කළ හැකි සහ මිනිසුන්ට කළ නොහැකි තවත් බොහෝ දේ කළ හැකි රොබෝවරු නිර්මාණය කිරීමට ඉංජිනේරුවන්ට හැකි වී තිබීම මෙමඟින් ගම්‍ය වන බව දැකගත හැකි වනවා.
මෙම වීඩියෝපටය Twitter හි පළවීමත් සමඟ ඇතැමුන් මේ පිළිබඳව ධනාත්මක අදහස් පළ කර තිබූ නමුත් ඇතැමුන් ඒ පිළිබඳව කනස්සල්ල පළකොට තිබුනේ අනාගතයේදී රොබෝවරුන් නිසා මිනිසුන්ට රැකියා වුවද අහිමි වීමේ අවධානමක් ඇති බව සඳහන් කරමිනුයි.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, CBS Boston වෙබ් අඩවිය සහ Observer වෙබ් අඩවිය භාවිතා කළ හැක.