අපි Twitter එක open කළ විට බොහෝ වෙලාවට අපිට දකින්නට ලැබෙන්නේ වැදගත් කමකින් අඩු විදිහේ tweets වන අතර, අතරින් පතර වැදගත් වන විදිහේ tweets ද දකින්නට ලැබෙනවා.

ඉතින් මේ Twitter timeline එක හරහා අපිට දකින්නට ලැබෙන්නේ අප විසින් follow කරනු ලැබූ account වලින් නිකුත් කරනු ලබන tweets වන අතර, සමහර විටෙක මේ අනවශ්‍යය tweets දුටුවත් ඒ ගැන සොයා බලා unfollow කිරීමට නොපෙළඹෙන්නේ ඒ ගැන සොයා බැලීමට ඇති අලස කම නිසා බව අමුතුවෙන් නොකියුවත්, අපි බොහෝ දෙනා දන්නා කරුණක්.

ඔන්න මේ ප්‍රශ්ණය විසඳන්න Twitter සමාගම විසින් අපේ followers ලා සහ අපි නිතරම interact කරනු ලබන tweets සංසන්දනය කර, ඉතාමත් කළාතුරකින් හෝ කිසිඳු අවස්ථාවක react නොකරන ලද Twitter account වල ලැයිස්තුවක් unfollow කිරීම සඳහා ඉදිරිපත් කිරීමේ පහසුකමක් මේ වන විට පරීක්ෂා කරමින් සිටිනවා.

බොහෝ විට සමාජජාල වෙබ් අඩවි වලින් follow කරන්නන් හෝ යහළුවන් ප්‍රමාණය වැඩි කරගැනීමට භාවිතා කරන්නන්ව පොළඹවන අතර Twitter වැනි ප්‍රසිද්ධ සමාජ ජාලයක් විසින් මෙවැනි ආකාරයේ පියවරක් ගැනීම බොහෝ කළාතුරකින් දැකියහැකි දෙයක් වෙනවා.

පසුගිය මාස කිහිපය තිස්සේ තම සේවාවේ තත්ත්වය රැක ගැනීම වෙනුවෙන් දැඩි පියවර රාශියක් ගැනීමට Twitter සමාගම කටයුතු කළ බව මේ වන විටත් අපි දන්නා කරුණක් වන අතර ඔවුන්ට තම සේවාවේ quality එක රැක ගැනීමට නම් එය භාවිතා කරන්නන්ට quality content ලබා ගැනීමට උදව් කළ යුතු වෙනවා.

අපිට අනවශ්‍යය දේවල් නිතරම දකින විට තත්ත්වයෙන් උසස්, එහෙමත් නැතිනම් වැදගත්කමින් වැඩි content සොයා ගැනීමට අපහසු වන අතර, මේ පහසුකම නිකුත් කළ පසු අනවශ්‍යය දේවල් ඉවත් වීම මගින් වඩාත් හොඳ තත්ත්වයේ Twitter අත්දැකීමක් විඳගැනීමට Twitter භාවිතා කරන්නන් හට අවස්ථාව ලැබේවි.