මේ වෙනකොට smartphone market එකේ HTC, LG වගේ ප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ අලෙවි කරන බහුතරයක් smartphone වල අලෙවියේ සැලකිය යුතු වෙනසක් වෙලා තිබෙන බව මීට කලින් article එකකින් ඔයාලට කිවුවා මතක ඇති.

නමුත් OnePlus කියන්නේ දැන් ලෝකේ හැමතැනම ප්‍රසිද්ධ brand name එකක් වෙලා. ඔවුන්ගේ OnePlus 6 කියන අලුත්ම smartphone එක නිකුත් කරලා දින 22ක් ඇතුලතදී devices මිලියනයක් විකිනීමට ඔවුන්ට මේ වෙනකොට හැකියාව ලැබිලා තිබෙනවා. ඔවුන්ගේම OnePlus 5 සහ OnePlus 5T කියන smartphones මේ ගණන සහ කාල සීමාව සමඟ සැසඳීමේදී විශාල වෙනසක් දැකගන්න පුළුවන්. ඔවුන්ට පළමු OnePlus 5 හා 5T devices මිලියනය විකිණීමට මාස තුනක කාලයක් ගතවී තිබෙනවා.

කොහෙම නමුත් iPhone X වගේම Galaxy S9 වගේ smartphones සමඟ සැසදීමේදී නම් එතරම් පුදුම සහගත තත්ත්වයක් නොපෙනුනත් Google Pixel හා Essential Phone වගේ devices සමග සැසදීමේදී නම් මෙය OnePlus ලද විශේෂ achievement එකක්.

HTC U12+ වගේම LG G7 වගේ flagship devices එම සමාගම් වලට විකුණාගැනීමට නොහැකිව සිටිද්දී OnePlus එකට මේ ආකාරයේ වාර්ථාගත විකිණුම් අගයක් අත් කරගැනීමට හැකියාව ලැබුණේ ඔවුන්ගේ digital marketing වල ප්‍රතිඵලයක් විදිහට බවයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ.


එමෙන්ම OnePlus ලා ගේ මේ sales record එක සැමරීම සඳහා ඔවුන් විශේෂ offers සහ discounts පෙලක් දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා. මෙම offers ජූනි 26 දින දක්වා වලංගු වන අතර ඒ ගැන වැඩි විස්තර OnePlus India වෙබ්සයිට් එක හරහා දැනගන්න පුළුවන්.