Amazon සමාගමට අයත් Video Streaming වෙබ් අඩවියක් වන Twitch වෙබ් අඩවියේ Source Code එක ඇතුලු දත්ත විශාල ප්‍රමාණයක් හැකර්වරයෙකු විසින් අන්තර්ජාලයට එකතු කර ඇති බව Techie Instant කෙටි පුවත් සේවාව හරහා ඔබ දැනුවත් කළා ඔබට මතක ඇති.

TechNews.LK
Twitch කියන්නේ YouTube වගේ American Live Streaming Service එකක්, මේකෙ ගොඩක් stream කරන්නේ Video Games. 4chan.org කියන්නේ Anonymous Imageboard website එකක්. ඊයේ එනම් 6 වැනිදා මෙම 4chan වෙබ් අඩවියට Hacker කෙනෙක් 125GB Torrent Link එකක් publish කරනවා. මෙම Torrent File තුළ Twitch වෙබ් අඩවියේ Source C…
Techie Instant Telegram Link

සත්‍ය වශයෙන්ම සිදු වූයේ කුමක්ද යන්න ලාංකික තාක්ෂණික ලෝලීන්ගේ විමතියට පත්ව තිබුණා. Twitch යනු ඇමරිකාවේ විශාලතම සමාගමක් වන Amazon සමාගමට අයත් YouTube වගේම Video Streaming Platform එකක්. මෙමෙ Platform එක තුළ බොහෝ වශයෙන් Live Video Games වැනි දෑ Stream කරනවා.

ඇත්තටම සිදුවූයේ කුමක් ද ?

ඔක්තොම්බර් 6 වැනිදා අලුයම මෙම Twitch වෙබ් අඩවියේ Source Code එක ඇතුළු අධි සංවේදී දත්ත රැසක් 4Chan නැමැති නිර්ණාමික Imageboard එකට Hacker වරයෙකු විසින් එකතු කරනවා. මේ පිළිබද ප්‍රවෘත්තිය ප්‍රථමයෙන් Video Games Chronicle වෙබ් අඩවිය වාර්ථා කිරීමට කටයුතු කරනවා.

පසුව මෙම දත්ත අන්තර්ජාලය තුළට එක්තු වීම සනාථ කරමින් Twitch වෙබ් අඩවිය නිළ Twitter සටහනක්ද තැබීමට කටයුතු කරනවා.

4Chan වෙබ් අඩවිය කියන්න මොකක්ද ?

2003 වර්ෂයේදී Christopher Poole නැමැති පුද්ගලයා විසින් ආරම්භ කරන ලද English නිර්ණාමික Imageboard වෙබ් අඩවියක්. සරලවම කිවහොතින් Online Forum එකක්. මෙම Forum එක තුළ දේශපාලන, Anime, Gaming ඇතුළු ලෝකයේ විවිධ මාතෘකා පිළිබඳව විවිධ කරුණු ඉදිරිපත් කරනවා.

පසුගිය මෙම වෙබ් අඩවිය තුළට Hacker වරයෙකු විසින් 125GB Torrent Link එකක් එක් කරනවා. Part 01 ලෙස නම් කර තිබූ මෙම ගොනුවේ Twitch වෙබ් අඩවියේ අධි සංවේදී දත්ත රැසක් ඇතුළත් වී තිබුණා. ඒ අතර පහත සදහන් දත්තද ඇතුළත් වී තිබුණා.

  • Twitch.tv වෙබ් අඩවිය ආරම්භයේ සිට පැවතගෙන එන දත්ත රැසක්
  • Twitch සමාගමේ පරිශීලකයින් විසින් සිදු කරන ලද ගෙවීම් සම්බන්ධ දත්ත
  • Twitch සමාගම භාවිත කරන SDK සහ සමාගමේ අභ්‍යන්තර AWS සේවා වල දත්ත
  • Amazon Game Studios විසින් නිකුත් නොකරන ලද සංවේදී දත්තයන්
  • Twitch වෙබ් අඩවියේ අභ්‍යන්තර ආරක්ෂණ උපාංග ‌

කෙසේ වෙතත් අන්තර්ජාලය තුළ වැඩි කතා බහට ලක් වූයේ මෙම Torrent ගොනුව Part 01 ලෙස නම් කර තිබූ නිසා Twitch වෙබ් අඩවියේ තවත් දත්ත රැසක් එම Hacker වරයා සතු වීමට ඉඩ ඇති බවයි. මෙවන් පසුබිමක මෙම වෙබ් අඩවිය භාවිතා කරන ලද පරිශීලකයන් ගේ Username, Password ඇතුළු පරිශීලක දත්තද අන්තර්ජාලයට එක් වී තිබීමට ඉඩ ඇති බවට විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්ථා කර තිබෙනවා.

ලෝකයේ විශාලතම සමාගමක් වන Amazon සමාගම යටතේ ක්‍රියාත්මක වන Twitch වෙබ් අඩවියේ Source Code එක ඇතුළු අධි සංවේදී දත්ත අන්තර්ජාලයට Hacker වරයෙකු විසින් එකතු කරන පසුබිමක, සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයන් වන ඔබ සැම හැකර්වරුන්ගේ ග්‍රහණයට හසු නොවී අන්තර්ජාලය තුළ බුද්ධිමත්ව හැසිරෙන ආකාරය පිළිබඳව දැන ගැනීමට පහත ලිපිය කියවන්න.

හැකර්වරුන්ගේ ග්‍රහණයට හසු නොවී අන්තර්ජාලය තුළ බුද්ධිමත්ව හැසිරෙන ආකාරය පිළිබඳව දැනගනිමු
බොහෝ දෙනා මේ වනවිට අන්තර්ජාලයත් සමඟ වැඩකටයුතු කිරීමට පෙළඹී ඇති අතර අන්තර්ජාලයත් සමඟ කටයුතු කිරීමේදී තමන්ගේ online accounts වල ආරක්ෂාව පිළිබඳව ද වැඩි අවධානයක් යො
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Video Games Chronicle වෙබ් අඩවිය භාවිතා කළ හැක.