‌Microsoft සමාගමේ Xbox Cloud Gaming සේවාව (xCloud) දැන් මුළුමනින්ම බල ගැන්වෙන්නේ Custom Xbox Series X Hardware මගින් බව Microsoft සමාගම නිවේදනය කරනවා.

Microsoft සමාගම විසින් The Verge වෙබ් අඩවිය වෙත පවසන්නේ මෙම update කිරීම අවසන් කර ඇත්තේ මෑතකදී වන අතර එමඟින් xCloud සේවාව හරහා Game Stream කරන ක්‍රිඩකයින් සඳහා frame rate එක සහ game load time යන දෙකම වැඩි දියුණු වන බවයි.

පසුගිය මාස කිහිපය තුළදී Microsoft සමාගම විසින් xCloud සේවාව 1080p සහ 60fps Stream සිදු කිරීමේ හැකියාව ලබාදුන්න ද, 4K Streams ලබාදීම සඳහා තවමත් Custom Xbox Series X Hardware එකට පූර්ණ හැකියාවන් ලබාදීමට සමාගමට නොහැකි වී තිබේ. මෙය ලබා ගත හැක්කේ කවදාද යන්න පැහැදිලි නැත.

කෙසේ නමුත් Microsoft Mobile Devices සහ Browser වලින් ඔබ්බට ගොස් TV සහ Monitor හරහා ද Xbox Cloud සේවාව භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට ඔවුන් සූදානමින් සිටිනවා.

මේ අනුව Microsoft සමාගම මේ වන විට Xbox ක්‍රීඩකයින්ට Console නොමැතිව ක්‍රීඩා Stream කිරීමට ඉඩ සලසන රූපවාහිනී සඳහාම විශේෂිත Xbox app එකක් සකස් කරමින් සිටිනවා. ඔබට රූපවාහිනියකට හෝ Monitor එකකට සම්බන්ධ කළ හැකි Standalone Streaming උපාංග ද නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

xCloud Gaming සේවාව ජංගම උපාංග හරහා ක්‍රීඩා කිරීමේ ක්‍රමයක් ලෙස ආරම්භ වූ නමුත් Xbox Dashboard සහ TV ඒකාබද්ධ වීමත් සමඟම එය තවත් විශාල පියවරක් ඉදිරියට තබනු ඇති. එමෙන්ම Microsoft සමාගම විසින් xCloud Games සිය නව Xbox Web store එක සමඟ ඒකාබද්ධ කිරීමට පටන් ගෙන ඇති අතර, එහි xCloud තාක්‍ෂණය Facebook Gaming වෙත ගෙන ඒමේ සැලසුම් ගැන තවමත් වැඩි විස්තර වාර්තා වන්නේ නැහැ.

මීට අමතරව මෙම සේවාව සඳහා වූ සිය Custom Xbox Series X Hardware වැඩිදියුණු කිරීම අවසන් වූ වහාම Microsoft  සමාගම මෑතකදී ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, මෙක්සිකෝව සහ ජපානය වෙත ද xCloud සේවාව ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ නිළ Xbox වෙබ් අඩවිය භාවිතා කළ හැක.