ලොව පුරා වසර ගණනාවක් තිස්සේ ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන ASUS වෙළඳ නාමය ගැන ඇසූ පමණින් ‍බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ ඉතාමත් හොඳ quality එකකින් යුතු products බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ.

ඔන්න දැන් ASUS සමාගම විසින් ඔවුන්ගේ නවතම laptop පරිගණක මාලාව වන ASUS VivoBook S series එක ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර ඉතාමත් සැහැල්ලු සහ ආකර්ෂණීය පෙනුමක් සහිත මෙය විශේෂයෙන්ම තරුණ පිරිස ඉලක්ක කරගෙන නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබෙනවා.

NanoEdge displays අන්තර්ගත වන මේ laptop පරිගණක මාලාවේ සියළුම මාදිලි ඉතාමත් සිහින් වන අතර, වඩාත් වැඩි ඉඩ ප්‍රමාණයක් display එක වෙත යොමු කරමින්, screen-to-body ratio එක 85% ඉක්මවා යන ලෙස නිර්මාණය කර තිබෙනවා.

එමෙන්ම මෙම මාදිලි පිළිවෙලින් 1.2 kg, 1.4 kg සහ 1.8 kg යන බර ප්‍රමාණ වලින් යුක්ත වන අතර විශේෂයෙන්ම නිතර-නිතර තම පරිගණකය රැගෙන විවිධ ස්ථාන වලට ගමන් කරනු ලබන පරිශීලකයින් හට මෙය ඉතාමත් පහසුවක් ගෙන දෙන බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ.

විශේෂයෙන්ම laptop පරිගණකයක් තෝරාගැනීමේදී පෙනුමට අමතරව අපි සැළකිලිමත් වන ප්‍රධානතම කරුණ වන්නේ එහි ඇති hardware සහ ඒ හරහා ලබාගත හැකි performance පිළිබඳවයි.

Available Processors models

මේ VivoBook S333/ S433/ S533 යන මාදිලි ත්‍රිත්වයම quad‑core 10th Generation Intel® Core™ i7-10510U දක්වා වන processor එකක් සහ 16GB දක්වා වන RAM එකක් සමඟින් ලබාගත හැකි වන අතර, gaming හෝ graphic processing කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වනු ලබන පරිශීලකයින් හට NVidia GeForce MX350 වැනි dedicated graphic chip එකක් සමඟින් ද මෙය ලබාගත හැකි වෙනවා.

එමෙන්ම සාමාන්‍යය laptop පරිගණකයක අන්තර්ගත වන HDD එකක් වෙනුවට වඩාත් වේගවත් 1TB SSD එකකින් මෙම මාදිලි ත්‍රිත්වයම සමන්විත වන අතර, අවශ්‍යය නම් Intel® Optane™ memory පහසුකම සමඟින් ද මෙය ලබාගත හැකි වෙනවා.

මේ Intel® Optane™ memory තාක්ෂණය හරහා ඔබ නිතර-නිතර භාවිතා කරනු ලබන documents, images, videos, applications සහ games පවා හඳුනාගෙන, ඒවා ඉතාමත් ඉක්මණින් access කළ හැකි ලෙස අසුරා තබාගනු ලබනවා.

එමෙන්ම අවශ්‍යය වන විට processing කටයුතු සඳහා ඉතාමත් ඉක්මණින් මෙම දත්ත ලබාදීමට හැකියාව ලැබීම නිසාවෙන්, අප භාවිතා කරන processor එකේ උපරිම කාර්ය්‍යක්ෂමතාවය utilize කරමින් වැඩකටයුතු සිදු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

බොහෝ විට පරිගණකයක් මිලදී ගැනීමේදී අපි නිතර භාවිතා කරන ජංගම දුරකථනය, external monitor එකක් හෝ projector එකක් වැනි peripheral devices සඳහා අපගේ පරිගණකය සහාය දක්වන්නේ ද නැද්ද යන්න පිළිබඳව සැළකිලිමත් විය යුතු වෙනවා.

මේ VivoBook S333/ S433/ S533 යන මාදිලි ත්‍රිත්වයේම fast charging සහ display connectivity සඳහා සහාය දක්වන USB-C port එකක් අන්තර්ගත වන අතර, 4K දක්වා video output එකක් ලබාදිය හැකි HDMI 2.0 port එකකින් ද සමන්විත වෙනවා.

මීට අමතරව USB 3.2 port එකක්, USB 2.0 port එකක් සහ 3.5mm combo audio jack එකක් ද මෙයට අන්තර්ගත වෙනවා.

මෙහි connectivity පහසුකම් අතරට Bluetooth 5.0 තාක්ෂණය සහ අප දැනට භාවිතා කරනු ලබන Wi-Fi 5 තාක්ෂණය මෙන්ම එහි මීළඟ generation එක වන Wi-Fi 6 තාක්ෂණය ද ඇතුලත් වන අතර, මේ හරහා සාමාන්‍යය Wi-Fi 5 වලට වඩා 3x පමණ network speed එකක් සහ 4x පමණ වැඩි network capacity එකක් ලබාගත හැකි වෙනවා.

එමෙන්ම Wi-Fi 5 තාක්ෂණයට වඩා latancy එක 75% පමණ අඩු කර ගැනීමටත් 4K UHD video transfer time එක 70% කින් පමණ වැඩි කර ගැනීමටත් මේ හරහා හැකියාව ලැබෙනවා.

මෙම පරිගණක අතරින්, VivoBook S433 සහ S533 යන මාදිලි වල පැය 15ක් දක්වා battery life එකක් අත්විඳිය හැකි බවත්, මේ මාදිලි ද්විත්වයම fast charging සඳහා සහාය දක්වන බවත් ASUS ආයතනය පෙන්වා දෙන අතර මේ හරහා battery එක 1% සිට 60% දක්වා charge කර ගැනීමට මිනිත්තු 49ක් වැනි කාලයක් තුළ හැකියාව ලැබෙන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ප්‍රධාන පහසුකම් වලින් ඔබ්බට ගොස් මෙහි ඇති සුවිශේෂි පහසුකම් අතරට, Harman Kardon certified sound system එකක් අන්තර්ගත වන අතර බොහෝ කුඩා ප්‍රමාණයේ laptop වල දකින්නට නොලැබෙන numberpad එක, touchpad එක හරහා භාවිතා කිරීමේ හැකියාව ලබාදෙන ASUS NumberPad පහසුකම ද අන්තර්ගත වෙනවා.

ASUS NumberPad පහසුකම

මුලින් සඳහන් කළ ආකාරයට මේ ASUS VivoBook S series එක තරුණ තරුණියන්ගේ අවශ්‍යයතා අනුව design කිරීමට කටයුතු කර ඇති අතර, ‍විශේෂයෙන්ම ඔබ රාත්‍රී කාලයේදී වැඩ කටයුතු සිදු කරනු ලබන්නේ නම් මෙහි අන්තර්ගත වන Backlit Keyboard එක ඉතාමත් ප්‍රයෝජනවත් අංගයක් වනු නොඅනුමාන ය.

මීට අමතරව ASUS පරිගණක සමඟින් ලැබෙන MyASUS software bundle එක හරහා තම පරිගණකයේ performance optimize කිරීමට, update කිරීමට මෙන්ම ASUS support සේවාවන් ලබාගැනීමට ද හැකියාව ලැබෙනවා.

Available colors

මෙම පරිගණක මාදිලි සියල්ලක්ම Dreamy White, Gaia Green, Indie Black, Resolute Red යන වර්ණ වලින් නිෂ්පාදනය කරනු ලබන අතර මේ වන විට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බව ASUS ආයතනය වාර්ථා කරනු ලබනවා.