Alipay සහ WeChat Pay කියන්නේ චීනයේ තිබෙන විශාලතම digital payment සේවාවන් දෙකක් වන අතර විවිධ අවස්ථා වලදී පිට වූ තොරතුරු වල අඩංගු Apple ID භාවිතා කරමින් මූල්‍යය වංචා සිදු කිරීමේ ප්‍රවණතාවයක් මේ වන විට පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.

Alipay සේවාව විසින් iPhone භාවිතා කරන්නන් හට මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර Alipay, WePay හෝ වෙනත් credit card සමඟ තම Apple ID එක link කර ඇති පාරිභෝගිකයින් හට ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙස දන්වා තිබෙනවා.

මේ වංචාව හරහා වංචා කල මුදල් ප්‍රමාණය ගැන තවමත් පැහැදිලි කිරීමක් සිදු කර නැතත් මේ හරහා සිදු කළ සමහර transaction වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් 290 ද ඉක්මවා තිබෙන බව දැනගන්නට ලැබෙනවා. කොහොම නමුත් මේ මුදල් Apple සමාගම විසින් නැවතත් තම පරිශීලකයින් හට ලබා දීමට කටයුතු සූදානම් කරන බවත් දැනගන්නට ලැබෙනවා.

මේ පිළිබඳව Apple සමාගම විසින් ප්‍රකාශ කර සිටියේ තම පාරිභෝගිකයන් හට සෑම විටම ශක්තිමත් password එකක් භාවිතා කිරිමට මෙන්ම two-factor authentication ක්‍රමයක් භාවිතා කිරීමට කටයුතු කරන ලෙසයි.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය සහ bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.