මේ වෙනකොට ලංකාවෙ ගොඩක් අය ඉතා ආසාවෙන් පාවිච්චි කරන ඇප් එකක් තමයි Musical.ly කියල කියන්නේ.

ඉතින් මේක ලංකාවෙ අය අතර විතරක් නෙවෙයි ලෝකයේ ගොඩක් අය පාචිව් කරන ඇප් එකක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ වගේම 2018 වර්ශයේදී වැඩියෙන්ම download කරන ලද iOS app එක වෙන්නෙත් මේ Musical.ly app එකම තමයි.

ඉතින් මේ ඇප් එක ගැන සරලව කිව්වොත් මේක karaoke app එකක්. ඒ වගේම අපි හැමෝම පාවිච්චචි කරන Twitter, Facebook, Instagram වගේම social network එකක්. හැබැයි මේකෙ share කරන්නන පුලුවන් videos විතරයි. ඒ වගේම විශේෂත්වය තමයි මේ හැම විඩියෝ එකක්ම තත්පර 15 වඩා අඩුයි. ඉතින් මේ ඇප් එක මේ වෙනකොට භාෂා 29 කට නිකුත් කරල තියනවා.

musical-ly-app-currently-tiktok-tech-news-sinhala

ඒ වගේම ඒ භාෂා 29 අතරට සිංහල භාෂාවත් අයිති වෙලා තියනවා. ඒ නිසාම ලංකාවෙ වැඩි පිරිසක් මේ ඇප් එක පාව්ච්කරන්නත් පෙලඹිලා තියෙනවා. මේ වනවිට මේ ඇප් එක මාසයක් ඇතුළත පාවිච්ච්චි කරන පිරිස මිලියන 200 ඉක්මවා ගිහිල්ලලා තියෙනවා.

2017 වර්ෂයෙහි දී චීන සමාගමක් වන ByteDance කියන සමාගම විසින් මේ ඇප් එක මිලදී ගැනීමට කටයුතු කළ අතර මීට දින කීපයකට කලින් ඔවුන් මෙම ඇප් එකට නව අංග කිහිපයක් එකතු කරන්නටත් පෙලඹිලා තිබුණා. ඒ අතර ප්‍රධාන වශයෙන් ඔවුන් musical.ly කියන නම tik tok ලෙස වෙනස් කිරීමකට ලක්කර තිබෙනවා. ඒ වගේම මේ ඇප් එකේ පෙනුමේ වෙනස් කම් කීපයක් කරන්නත් ඔවුන් පෙලඹිලා තියෙනවා.