Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Smartphone එක ලෙස මිලෙන් අඩු Google pixel 3a සහ මදක් ප්‍රමාණයෙන් විශාල Google Pixel 3a XL යන ස්මාට්ෆෝන් දෙක මෙවර Google I/O 2019 event එකේදි එලිදැක්වූ බව අපි ඔබට දැනුවත් කරා මතක ඇති.

මේ වනවිට රටවල් කිහිපයකම වෙලදපොලට හදුන්වා දී ඇති Google pixel 3a මාදිලිය බොහෝ දෙනාගේ කතා බහට ලක්වී තිබෙන්නේ මෙහි ඇති සුවිශේශී camera එක, user friendly මෙහෙයුම් පද්ධතිය වගේම මෙහි මිල ගණන් නිසාවෙනි.

මීට කලින් Google සමාගම විසින් ඔවුන්ගේ Nexus ජංගම දුරකථන series එක හරහා ඉතාමත් මිලෙන් අඩු හොඳ තත්ත්වයේ devices එළිදක්වන්නට කටයුතු කලත් Pixel series එක හරහා මෙතෙක් එළිදැක්වූ ජංගම දුරකථන ඊට හාත්පසින්ම වෙනස් වූ අතර සාමාන්‍යය premium smartphone එකක මිළ ගණන් වලට එහි මිළ සමාන වුණා.

මේ හේතුව නිසාවෙන් හොඳ Google සමාගම විසින් නිෂ්පාදිත Android smartphone එකක් මිලදීගැනීම අපහසු වූ පිරිස ඉලක්ක කර මේ Google Pixel 3a සහ Pixel 3a XL ජංගම දුරකථන හඳුන්වාදීමට පසුගිය දා Google සමාගම කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව Pixel 3a ස්මාට්ෆෝන් එක ඇමරිකානු ඩොලර් 399කට වගේම ප්‍රමාණයෙන් මඳක් විශාල Pixel 3a XL මාදිලිය ඇමරිකානු ඩොලර් 479ක් යන මිළ ගණන් යටතේ වෙළඳපොලට නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

දැනට Android 9, එහෙමත් නැතිනම් Android Pie මෙහෙයුම් පද්ධතිය සමඟින් පැමිණෙන මේ ජංගම දුරකථනය මීළඟ ජූනි මාසය ඇතුලත Android Q beta සංස්කරණය වෙත ද update කිරීමේ හැකියාව ලබා දීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මීට අමතරව මේ ජංගම දුරකථනය‍ට වසර 3ක කාලයක් දක්වා Android updates සහ security patches ලබා දීමට ද Google සමාගම තීරණය කර තිබෙනවා.

Qualcomm Snapdragon  670 chipset එකකින්, octa-core processor එකක් සහ Adreno 615 graphic chipset එකකින් බළගැන්වෙන මෙයට 4GB LPDDR4X RAM එකක් වගේම 64GB internal memory එකක්ද අන්තර්ගත වෙනවා.

කොහොම වුණත් සාමාන්‍යය Pixel ජංගම දුරකථන හිමියන් හට ලැබෙන Unlimited Storage in Original quality වෙනුවට Unlimited storage in High quality ලෙස මෙයට ලබා දෙන unlimited storage එක වෙනස් කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ අනුව upload කරනු ලබන photos සහ videos 16MP වලට වඩා වැඩි නම්, ඒවා 16MP දක්වා compress කිරීමක් සිදු වන බව මතක තබාගත යුතු වෙනවා.

Google Pixel ස්මාට්ෆෝන් series එකේ camera එක පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු එය මිලදී ගැනීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ.

12.2MP Dual-Pixel Sony IMX363 ලෙන්ස් එකක් සමග එන Pixel 3a සහ 3a XL හී පසුපස camera එක සතුව f/1.8 aperture එකක්, 76-degree field of view එකක්, අඟල් 1/2.55'' ක image sensor එකක් සහ 1.4um pixel width එකකින් යුක්ත වෙනවා.

මීට අමතරව optical සහ electronic image stabilization පහසුකමද අන්තර්ගත වෙනවා. 1080p videos 30/60/120fps වලින් පටිගත කිරීමේ හැකියාව වගේම 4K videos 30fps සමගින් පටිගත කිරීමේ හැකියාවද pixel 3a සහ 3a XL සතුව තිබෙනවා.

Pixel 3a කැමරාවෙන් ගන්නා photos අනෙකුත් high-end smartphone වලින් ගන්නා photos වලට වඩා details සහ quality එකෙන් වැඩි කිරීමට මෙහි camera app එක සතු image processing functionality මගින් ඉතා විශාල කාර්‍යභාරයක් ඉටු කරනු ලබනවා.

දිවා කාලයේදී ගන්නා photos වල වර්ණ වල සාමාන්‍ය තත්වයට වඩා වැඩි සංතෘප්ත ගතියක් දක්නට ලැබෙනවා. කෙසේවෙතත් මෙයින් ගන්නා portrait images වල background blur, එහෙමත් නැතිනම් bokeh effect එක මනාව සැකසී තිබෙන අතර HDR images වලද noise වලින් අඩු, sharp මෙන්ම details මනාව සැකසී ඇති ආකාරය දකින්න ලැබෙනවා.

මෙය සතු night-sight feature එක මගින් low-light condition, එහෙමත් නැතිනම් අඩු ආලෝක තත්ත්වයක් පවතින අවස්ථා වල photos ගැනීමේදී අනෙක් කිසිදු smartphone එකක දැකගත නොහැකි පැහැදිලි භාවයක් දකින්න ලැබෙනවා.

මෙය Google I/O 2019 event එකේදී Phone X ලෙස අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ ස්මාට්ෆෝන් එකක low-light (රාත්‍රියේදී ගත්) ඡායාරූපයක් සමග compare කර පෙන්වීමටද ඔවුන් කටයුතු කරනු ලැබුවා.

USB type C 2.0 connector එකක් සහිතව 18W fast charging පහසුකමද සහිතව මෙය නිපදවා ඇති අතර පැය දෙකක වැනි කාලයකින් මෙහි අන්තර්ගත වන battery එක full charge කරගැනීමට හැකි බව මොවුන් පෙන්වා දුන්නද wireless charging පහසුකම මෙහි දකින්න ලැබෙන්නේ නෑ.

Metal භාවිතා නොකර, Polycarbonate වලින් නිපදවා ඇති අතර වර්ණ 3කින් මෙය වෙලදපොලට හදුන්වා දි තිබෙනවා.

Pixel 3a සහ Pixel XL මාදිලි දෙක සතු මූලික වෙනස්කම් ලෙස battery capacity එක, screen size එක, බර සහ මිල ගනන් වල වැඩිවීම දකින්න ලැබෙනවා.

Google Pixel 3a සතුව අගල් 5.6ක OLED Full-HD+ display එකක්, 3000mAh battery එකක් සහ බර ලෙස ග්‍රෑම් 147ක් ලෙස සඳහන් වන අතර තරමක් විශාල Google Pixel 3a XL මාදිලියේ අගල් 6ක OLED Full-HD+ තිරයක්, 3700mAh battery එකක්, ග්‍රෑම් 167ක බරක් වගේම ඩොලර් 80ක මිලෙන් වැඩි බවක්ද දකින්න ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Techadvisor වෙබ් අඩවිය හා PC World වෙබ් අඩවිය භාවිතා කළ හැක.