J.R.R Tolkien මහතාගේ The Lord of the Ring නවකතාව ආශ්‍රය කරගෙන නිර්මාණය කරන ලද Lord of the Rings චිත්‍රපට පෙළ ඔබ අප ඉතාමත් ආසාවෙන් නැරඹූ චිත්‍රපට පෙලක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.

ඔන්න දැන් Lord of the Rings රසිකයින්ට චිත්‍රපටයකින් ඔබ්බට ගොස් එය රූපවාහිනී කතාමාලාවක් ලෙස නැරඹීමට අවස්ථාව උදාවෙන අතර, මේ වන විටත් සුප්‍රකට Amazon සමාගමේ නිශ්පාදනයක් ලෙසින් මෙම TV series එක ඉතාම නුදුරේදී නිකුත් වීමට නියමිත වෙනවා.

ඒ වගේම බොහෝ වාර්තා පෙන්වා දෙන පරිදි මෙහි පලමු Season එක සඳහා අති විශාල මුදලක් එනම්, ඩොලර් මිලියන 465 ක් පමණ වැය කිරීමට නියමිත අතර, ඒ අනුව එය එතෙක් මෙතෙක් වැඩිම වියදමක් දරා නිපදවෙන පළමු රූපවාහිනී කතාමාලාව වෙනු ඇති.

මෙහි වියදම කෙතරම් විශාල වන්නේද යන්න වටහා ගැනීම සඳහා උදාහරණ කිහිපයක් ඉදිරිපත් කළහොත්,

  • Game of Thrones කතාමාලාවේ 6 වැනි (වැඩිම වියදමක් ගිය) season එක සඳහා ඩොළර් මිලියන 90ක් ද,
  • ඇමෙරිකානු රජය විසින් සඳ පිළිබඳව සිදු කරනු ලබන මෙහෙයුම් සඳහා, එනම් lunar exploration missions සඳහා 2021 වර්ෂය සඳහා වියදම් කිරීමට අපේක්ෂිත මුළු මුදල ඩොළර් මිලියන 451ක් ද වෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම අතිවිශාල මුදල මෙම කතා මාලාවේ පළමුවැනි season එකට පමණක් වෙන් කර තිබීම වන අතර, මෙවැනි seasons 5කින් මුළු කතා මාලාව සමන්විත වෙනවා.

කොහොම නමුත් මෙවැනි වියදමක් යන seasons 400කට අධික ප්‍රමාණයක් පමණ අවශ්‍යය නම් තම පෞද්ගලික ධනයෙන් පමණක් නිශ්පාදනය කිරීමට තරම් වත්කමක් Amazon සමාගමේ හිමිකරු වන Jeff Bezos හට ඇති බව මෙහිදී අමතක නොකළ යුතු වෙනවා.

Amazon සමාගම විසින් 2017 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 250 කට පමණ The Lord of the Rings නවකතාවේ රූපවාහිනි විකාශන අයිතිය මිලදී ගත් අතර ඒ අනුව නිපදවීමට නියමිත Seasons 5 කින් යුතු සම්පූර්ණ කතා මාලාවේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනය පමණ ඉක්මවනවා.

Robert Aramayo, Owain Arthur, Nazanin Boniadi වැනි දක්ෂ රංගන ශිල්පීන් රැසක් මෙම කතා මාලාවට සිය රංගන දායකත්වය ලබාදීමට ගිවිසුම් ගත වී තිබෙන බව Amazon studios විසින් වාර්තා කර තිබෙනවා.

ඒ වගේම Season 5 ක කතාමාලාවක් ලෙස නිපදවන මෙහි පලමු Season එක මෙම වසර අගදී නිකුත් කිරීමට නියමිත අතර එය Episoide 8 කින් යුක්ත වෙනවා.

ඔබ දැනටමත් දන්නා පරිදි, Lord of the Rings චිත්‍රපට පෙළ රූගත කරන ලද්දේ නවසීලන්තයේදී වෙන අතර වාර්තා වෙන පරිදි මෙම රූපවාහිනී කතාමාලාව ද නවසීලන්තයේදීම රූගත කෙරෙන අතර ඇතැම් කොටස් සඳහා වෙනත් රටවල්ද තෝරා ගැනීමට නියමිතයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Games Radar වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.