Google සමාගමේ Pixel ජංගම දුරකථන මාලාවේ මීළඟ ජංගම දුරකථනය වන Google Pixel 4 ජංගම දුරකථනය ගැන මේ වන විටත් බොහෝ තොරතුරු අන්තර්ජාලය පුරා දකින්නට ලැබෙනවා.
මේ Pixel 4 ජංගම දුරකථනයේ පෙනුම සහ එහ පහසුකම් වන Face Unlock සහ Soli Gestures භාවිතා වෙන බව මීට පෙර Google සමාගම විසින් ම සනාථ කරන ලද බව මෙන්ම, ස්පාඤ්ඤ ජාතිකයෙකු විසින් මෙහි Promotional video එකක් ද නිකුත් කිරීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, Google සමාගම විසින් මෙය නිකුත් කිරීමට නියමිත දිනය, වේලාව සහ ස්ථානය පිළිබඳව නිළ වශයෙන් ප්රකාශ කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව මීළ ග ඔක්තෝම්බර් මස 15 වැනි දින ශ්රී ලංකාවේ වේලාවෙන් රාත්රී 10:30ට New York නගරයේදී මෙම event එක පැවැත්වීමට නියමිත වන අතර මෙම event එක සජීවීව විකාශය කිරීමට නියමිත YouTube live stream එක ද මේ වන විට නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
මෙවර Made By Google event එක අතරතුරදී ද Pixel 4 සහ Pixel 4 XL ජංගම දුරකථන වලට අමතරව තවත් උපාංග එළිදැක්වීමට Google සමාගම කටයුතු කරනු ඇති බවට විශ්වාස කෙරෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.