2015 වර්ෂයේ USB-C standard එක හඳුන්වාදීමත් සමඟින් බොහෝමයක් Android ජංගම දුරකථන ක්‍රමයෙන් මෙයට අනුගත වුණත් තවමත් Micro USB සහ වෙනත් port වර්ග අන්තර්ගත වන ජංගම දුරකථන වෙළඳපොලට හඳුන්වාදීම දකින්නට ලැබෙනවා.

විශේෂයෙන්ම Apple සමාගම ඔවුන්ගේ වෙළඳ ඒකාධිකාරය පවත්වාගැනීම වෙනුවෙන් ඔවුන්ගේ proprietary port එකක් වන Lightning port එක භාවිතා කිරීම පෙන්වා දිය හැකි වෙනවා.

කොහොම නමුත් මේ වන විට යුරොපා කොමිසම විසින් සියළුම ජංගම දුරකථන වලට, Tablet පරිගණක වලට, e-book readers වලට මෙන්ම සියළුම portable devices වලට USB-C port එක ඇතුලත් කිරීම අනිවාර්යය කිරීමට යෝජනා කර ඇති අතර එම යෝජනාව අනුමත වී තිබෙන බව වාර්ථා වෙනවා.

Call to introduce common charger for all mobile phones | 13-01-2020 | News | European Parliament
To reduce electronic waste and make consumers’ life easier, MEPs want binding measures for chargers to fit all mobile phones and other portable devices.

මීට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ E-waste එක, එහෙමත් නැතිනම් electronic අපද්‍රව්‍යය එකතු වීම අවම කිරීම මෙන්ම ඕනෑම ජංගම දුරකථනයක් එකම ආකාරයේ cable එකක් භාවිතා කර charge කරගැනීමේ හැකියාව ලබා දීමයි.

මේ යෝජනාව සම්මත වී ඇති නිසාවෙන් මේ වන විට මීට අදාල නීති සකස් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති අතර ඉදිරියේදී යුරෝපයීය රටවල් වල තමන්ගේ ජංගම දුරකථන අලෙවි කිරීමට අවශ්‍යය නම්, එම ජංගම දුරකථන නිෂ්පාදකයා හට USB-C port එකක් අදාල ජංගම දුරකථනයට ඇතුලත් කිරීමට සිදු වෙනවා.

මෙය Apple ජංගම දුරකථන වලට ද අදාල වන අතර ඔවුන්ගේ Lightning port එක වෙනුවට USB-C port එකක් ඉදිරියේදී නිකුත් කරනු ලබන iPhone සඳහා අන්තර්ගත කිරීමට Apple සමාගමට සිදු වෙනවා.

මෙම වසරේ ජූලි - සැප්තැම්බර් අතර කාලය තුළ දී මීට අදාල නීති සම්පාදනය කිරීමට ඔවුන් බළාපොරොත්තු වන බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේ නිළ වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.