Oppo සමාගම වාර්ෂිකව පවත්වනු ලබන Inno Day එනම් සමාගමේ Innovation සහ Development එළිදක්වන අවස්ථාව පසුගිය දෙසැම්බර් මාසයේදි පැවැත්වුණු අතර එහිදී සමාගම විසින් Smart watch එකක් එළිදක්වන්නට සුදානම් වන බව හෙළිකර තිබෙනවා.

Oppo හි උප සභාපතිවරයෙක් විසින් එම Smart watch එකේ ඡායාරූපයක් නිකුත් කරනු ලැබ ඇති අතර එය වක්‍ර දාර සහිත හතරැස් තිරයකින් යුතු බව පෙනෙන්නට තිබෙනවා.

මෙය සම්පූර්ණයෙන්ම පාහේ Apple Watch එකේ Design එකට සමානකම් දක්වන අතර ඡායාරූපයට අනුව මෙහි Key දෙකක් දක්නට ලැබෙනවා.

එමෙන්ම එම Key දෙක මැද්දෙන් Microphone වැනි යමක් දැකිය හැකි අතර එය Microphone එකක් නම් මෙම Smart Watch එක දුරකථන ඇමතුම් සඳහාද සහය දක්වන බවට අනුමාන කළ හැකියි.

කෙසේ වෙතත් මෙහි Sim Slot එකක් හෝ අවම වශයෙන් e-Sim පහසුකම හෝ අන්තර්ගතද නැද්ද යන්න පිළිබඳව නිවැරදි තොරතුරක් තවමත් වාර්ථා වී නැහැ.

එමෙන්ම බාසිලෝනා හි පවත්වන්නට යෙදුනු MWC 2020 event එකේදී Oppo සමාගම විසින් wearable උපාංගයක් නිකුත් කරන බවට ලබා දුන් පොරොන්දුව නිසා බොහෝදුරට මෙම Smart Watch එක 2020 පළමු කාර්තුවේදී වෙළඳපොලට නිකුත් වෙනු ඇති බවට අනුමාන කළ හැකියි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය හා SlashGear වෙබ් අඩවිය භාවිතා කළ හැක.