මේ දින වල වැඩිපුරම කතාබහ කරන මාතෘකා අතරින් VR එහෙමත් නැතිනම් virtual reality වලට හිමි වන්නේ විශේෂ තැනක්. මේ තාක්ෂණය තාමත් ඉතාමත් stable මට්ටමේ නැතත්, මේ වෙනකොට එහි සැළකියු යුතු දියුණවක් දකින්නත් පුළුවන්.

මෑතකදී නිකුත් වුණු බොහෝමයක් smartphone මේ VR වලට බොහොම හොඳින් සහයෝගය දක්වන processors හා display එකතු කරලා තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. නමුත් මේ අතරින් ඔයාගේ smartphone එක මේ VR සඳහා මොන වගේ තත්ත්වයක් යටතේ සහයෝගය දක්වනවාද කියලා මැනගන්න ක්‍රමයක් පසුගියදා UL කියන ආයතනය මගින් එළිදැක්වුවා.

මේ app එකේ නම තමයි VRMARK කියන්නේ. ඉතින් මේ app එක හරහා අපිට පුළුවන් අපේ smartphone එකේ VR performance එක මැනගන්න, ඒ වගේම අනිකුත් ප්‍රසිද්ධ smartphone අතර තමන්ගේ smartphone එක මොන වගේ ස්ථානයකද තියෙන්නේ කියලා බලාගන්නත් මේ app එක හරහා අපිට අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම මෙම app එක Professional සහ Free වශයෙන් editions දෙකකින් සමන්විත වෙනවා. මෙහි Professional edition එක විශේෂයෙන්ම නිර්මාණය කරලා තිබෙන්නේ industry use එකට වගේම වඩාත් විස්තර සහිත වාර්ථාවක් ඒ හරහා අපිට ලබාගන්න පුළුවන්.

මෙහි free version එක යටතේ අපිට ලබාගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යය තොරතුරු ප්‍රමාණයක් පමණයි. නමුත් ඒ තොරතුරු අපිට අපේ phone එක ගැන දැනගන්න හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම මේ හරහා VR Headset එකක් ඇතුව හෝ නැතිව අදාල test කිරීමට හැකියාවත් ඇතුලත් වෙනවා.

vrmark-android-ui-techie

මෙහි ඇතුලත් වෙන පරීක්ෂණ විවිධ levels කිහිපයකට වෙන් කරන්නට ඔවුන් කටයුතු කරලා තිබෙනවා. app එක තුළදී මේවා Rooms නමින් හඳුන්වන අතර Android වලට දැනට නිකුත් කර ඇති version එකෙහි මෙවැනි Rooms තුනක් ඇතුලත් වෙනවා.

  • Indigo Room
    මෙම මට්ටම යටතේ සිදු කරන්නේ first-generation daydream devices වල VR නිර්මාණයක් දිර්ඝ කාළසීමාවක් තුළ ධාවනය කළහැකි ආකාරයේ lightweight පරීක්ෂණයක් වන අතර මේ වන විට නිකුත්වී ඇති VR නිර්මාණ වලින් වැඩි කොටසක් මෙම ඝනයට අයත් වෙනවා.

  • Purple Room
    මේ යටතේ පරීක්ෂා කරනු ලබන්නේ ඉහත් සඳහන් කළ පළමු පරම්පරාවේ daydream devices වල ම, සාමාන්‍යය quality එකක් යටතේ loop එකක් ලෙස, එහෙමත් නැත්නම් නොනවත්වා කිහිප වාරයක් එක දිගට ධාවනය කිරීමේ හැකියාවයි. මෙහිදී බොහෝ වෙලාවට ඔබගේ phone එක රත් වීමට අවස්ථාව තිබෙනවා.

  • Amber Room
    මුල් Rooms දෙකෙහිදීම පරීක්ෂා කෙරුණේ පළමු generation එකට අදාල VR නිර්මාණ වුවත් මෙහිදී පරීක්ෂාවට ලක් කෙරෙන්නේ මීළඟ generation එකට අයත් VR නිර්මාණ පිළිබඳවයි.

එමෙන්ම මෙම VR performance පරීක්ෂා කිරීමේදී Peak Mode, Sustained Mode සහ Experience Mode වශයෙන් තවත් කොටත් තුනක් යටතේ පරීක්ෂා කර බැළිය හැකියි. මෙහිදී Peak Mode එක යටතේ peak performance වලටද, Sustained Mode එකට යටතේ වැඩි performance එකක් සඳහා මෙන්ම උෂ්ණත්වය හා ස්ථායීතාවය සඳහා ද Experience Mode එක යටතේ Quality එක සඳහා ද පරීක්ෂා කෙරෙනවා.

මෙම Experience Mode එක යටතේ කෙරෙනු ලබන පරීක්ෂාවන් සඳහා VR Headset එකක් පැළැදය යුතු වන අතර Daydream view සහ Google Cardboard එකට සහාය දක්වන ඕනෑම phone එකක් සඳහා මෙම පරීක්ෂාව සිදුකළ හැකියි.

කොහොම නමුත් VRMark කියන මෙම app එක සහාය දක්වන්නේ Android 7.0 හෝ ඊට පසුව නිකුත් වුණු version වලට පමණක් වන අතර අඩුම වශයෙන් 1GB හෝ RAM එකක් තිබීමද අනිවාර්යය වෙනවා.

Download VRMax on Google Play | Source: UL