Android GO කියන්නේ Google සමාගම විසින් Android Oreo සමඟ හඳුන්වා දුන් ultra low-end, එහෙමත් නැතිනම් අඩුම performance ඇති smartphone සඳහා optimize කරන ලද මෙහෙයුම් පද්ධතියක්.

ගොඩක් වෙලාවට Android වලට අකමැති පිරිසෙන් බොහෝමයක් දෙනාගේ මතය වෙන්නේ Android හරිම slow මෙහෙයුම් පද්ධතියක් බවයි. බොහෝවිට ඔවුන් ඒ මතයෙහි මුල්බැසගන්නේ mid-range හෝ low-end smartphone එකක් බාවිතා කිරීමෙන් අනතුරුව වන අතර එම අදහස බෝහෝ දුරට සත්‍යයකි. ඉතින් මේ Android ‍GO කියන operating system එක හඳුන්වලා දීලා තියෙන්නේ මේ low-end devices වලට ගැලපෙන විදිහට සකස් කරලා. ඒ කියන්නේ කලින් දැනුණු ඒ slow ගතිය low-end phone වලදී වත් නොදැනෙන විදිහට තමයි මේක සකස් කරලා තියෙන්නේ.

මෙය හඳුන්වා දී වසරකට ආසන්න කාලයක් ගත වුවත් මේ OS එක භාවිතා කර smartphone එකක් නිර්මාණය කර බෙදාහැරීමට තාමත් කිසිඳු සමාගමක් වැඩි උනන්දුවක් නොදක්වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.

කොහොම නමුත් මේ Android GO සහිත low-end smartphone එකක් නිර්මාණය කර එහි වෙළඳ කටයුතු පිළිබඳව අත්හදා බලන්න සෑම market එකකටම ගැලපෙන විදිහේ smartphone නිර්මාණය කිරීම වෙනුවෙන් නමක් දරා සිටින සමාගමක් වෙන Samsung සමාගම පියවර අරන් තියනවා.

android_go_samsung-smartphone-techie

මේ smartphone එක ගැන තාමත් හරියටම විස්තර දැනගන්න ලැබිලා නැතත් Universal7570_Go කියන codename එකෙන් හැඳින්වෙන SoC එකක් සහ 1GB RAM එකක් ඇතුලත් වෙන බව තමයි දැනට පවතින තොරතුරු අනුව වාර්ථා වෙන්නේ. ඒ වගේම මෙහි model number එක SM-J260G වශයෙනුත් සටහන් වෙනවා. මෙම device එකෙහි performance test කර ලබාගත් report කිහිපයක් geekbench වෙබ් අඩවියේදී මේ වන විට දැකගත හැකි වෙනවා. ඒ අනුව මෙම ජංගම දුරකථනය Android Oreo 8.1 වල GO edition එක මත තමයි වැඩ කරන්නේ.

කොහොම නමුත් මේ smartphone එක ගැලපෙන්නේ බොහෝ වෙලාවට feature phone එකකින් පළමු වරට smartphone එකකට මාරු වෙන, එහෙමත් නැතිනම් අවම වශයෙන් mid-range smartphone එකක මිළ වත් දරාගන්න අපහසු අයටයි. ඔයා Android flagship phone එකක් බාවිතා කරලා මේ වගේ phone එකකට මාරු වෙන්න හිතනවා නම් ඒක බොහොම අමාරු වැඩක් වේවි.

ඒ වගේම ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකට මේ දක්වා සීමා කර තිබුණු low-end market එක දැන් United Kingdom, Uzbekistan, Caucasus Countries, Germany, Italy, Ukraine, Russia, Kazakhstan, France සහ Poland වැනි රටවල් රැසක් දක්වා ව්‍යාප්ත කිරීමටද Samsung සමාගම පියවර ගෙන තිබෙනවා.


UPDATE

Samsung සමාගම ඔවුන්ගේ ප්‍රථම Android Go Smartphone එක අත්හදා බැලීමට කටයුතු කලත් මේ වන විටත් ශ්‍රී ලංකාවේ වෙළඳපල තුල Android GO මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන Nokia 1 කියන ජංගම දුරකථනය අලෙවියේ ඇති බව අපිට දැනගන්නට ලැබුණා.

Notified by Madusanka Bandara