Hacking කියන්නේ මොකක් ද, හැකර්වරුන් කියන්නේ කවුද, Hacker කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන දැනගනිමු

කතුවරයා
M. P. Sanjaya
Save කරන්න
Share කරන්න

    අද අපි මේ ලිපියෙන් විස්තර කරන්න යන්නේ Hacker කෙනෙක් වෙන්නේ කොහොමද කියලා සරල විස්තරයක්.

    Hacking කියන්නේ මොකක්ද?

    System එකක දුර්වලතා (weakness) සහ අනාරක්ෂිත බව (vulnerabilities) හඳුනාගෙන ඒ system එකට (අවසරයක් නොමැතිව) ඇතුළුවීම Hacking කියලා සරලව හඳුන්වන්න පුලුවන්.

    Hacker කෙනෙක් කියන්නේ කාටද?

    නීත්‍යානකූලව නිසි අවසරක් ඇතිව hack කරන අය සහ කිසිම ආකාරයේ අවසරයක් නොමැතිව විවිධ අරමුණු සඳහා hack කරන පුද්ගලයන් සිටින අතර මේ අය ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්.

    1. Black Hat Hackers
      System එකක තියෙන වැරදි හොයලා නීතිවිරෝධී විදිහට ඒවායේ බලය තමන්ගේ අතට ගන්න අය මේ නමින් හඳුන්වනවා.
    2. White Hat Hackers
      System එකක තියෙන වැරදි හොයලා නීත්‍යානුකුල විදිහට බලය අල්ලගන්න කෙනෙක්ව මෙහෙම හදුන්වනවා. එතකොට මොකක්ද මේ නිත්‍යානුකුල විදිහට බලය අල්ලගන්නවා කියන්නේ?

      ගොඩක් වෙලාවට website එකක් හරි, web app එකක හරි හිමිකරුට අවශ්‍ය වෙනවා තමන්ගේ වෙබ් අඩවිය කොච්චර ආරක්ෂිතද කියලා බලන්න. ඒ වෙලාවට මේ වගේ White-Hat Hacker කෙනෙක්ට නීත්‍යානුකුල අයිතිය දෙනවා තමන්ගේ වෙබ් අඩවිය Hack කරන්න කියලා. එතකොට වෙබ් අඩවියේ දුර්වලතා හඳුනාගෙන, ඒවා fix කරලා ආරක්ෂාව සහතික කරගන්න පුළුවන් වෙනවා.
    3. Grey Hat Hackers
      Black Hat Hackers ලා තනිකරම නීතිවිරෝධී විදිහට වැඩ කරද්දී , White Hat Hackers ලා නීත්‍යානුකුල විදිහට වැඩ කරද්දී සුදුයි කලුයි දෙකේ එකතුවෙන් හැදිච්ච පාට වෙන අලු පාටෙනුත් අපිට පිරිසක්ව නිරුපණය කරන්න පුළුවන්. මේ අය ලඟ අර කලින් දෙවර්ගයේම අයගේ ගති ලක්ෂණ තියනවා.

      උදා:- කෙනෙක් වෙබ් අඩවියේ Admin ගෙන් අවසර ගන්නේ නැතුව වෙබ් අඩවියක් Hack කරනවා. ඊට පස්සේ නිර්නාමික විදිහට Admin ට කියනවා මේ විදිහේ දුර්වලතවයක් ඔයාගේ වෙබ් අඩවියේ තියනවා හදාගන්න කියලා. මේ අයව Grey hat කියලා හදුන්වනවා.
    4. Hacktivists
      මේ නමින් හදුන්වන්නේ තමන්ගේ මොකක් හරි අදහසක් ප්‍රචාරය කරවගන්න මිනිස්සුන්ගේ අවධානය ගන්න හදන කෙනෙක් හෝ පිරිසක්. මේ වගේ Hacktivists ලා එක්කෝ දේශපාලන අදහසක් පතුරවන්න හරි එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, නිදහස වගේ දේවල් පතුරවන්න හරි උත්සහ කරනවා.

      උදා:- ඒ වෙනුවෙන් එයාල කරන දෙයක් තමයි වෙබ් අඩවිවල Home page එක වෙනස් කරලා තමන්ගෙ අදහස් ඇතුලත් කරන එක. ඔයගොල්ලෝ හැමෝම දන්න Anonymous Hacker කණ්ඩායමත් මේ වගේ කට්ටියක්.
    5. Script Kiddies
      මේ කොටසට අයිති වෙන්නේ තමන්ට Hacking ගැන ලොකු දැනුමක් නැති උනාට අනිත් Hackers ලා හදපු Tools, Scripts, Software පාවිච්චි කරලා Hack කරන අය. මේ ගැන වැඩි දෙයක් නොදන්නා කෙනෙක්ට උනත් පුළුවන් මේ Tools පාවිච්චි කරලා වෙබ් අඩවියක database එකකින් තොරතුරු ගන්න. මේ අයව hacker කෙනෙක් කියලා පිළිගන්නේ නෑ. ඉතින් ඒ වගේ අය හදුන්වන්නේ Script Kiddies කියලා.

    Hacker කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ මොනවද?

    මෙන්න මේ language එක, මේ system එක දන්නවා නම් ඔයා hacker කෙනෙක් කියලා අපිට කියන්න බැහැ. මොකද ගොඩක් වෙලාවට hacker කෙනෙක් වෙන්න දන්න දේවල් වලටත් වඩා එයා හිතන විදිහ ගොඩක්ම වැදගත් වෙනවා.

    ඒ වගේම network එකක දත්ත ගමන් කරන විදිහ, Web server එකක් වැඩ කරන විදිහ, authentication සහ authorization වැඩ කරන විදිහ වගේ හැමදේම වැඩ කරන විදිහ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන.

    තමන්ට අවශ්‍යය වෙන පොඩි පොඩි දේවල් තනියම හදාගන්න ඕන කරන Programming දැනුම, Databases, Operating systems, web servers වගේ දේවල් වැඩ කරන විදිහ වගේම Networking සහ security ගැනත්, සාමාන්‍ය ඉංග්‍රීසී දැනුමත් අනිවාර්යයෙන්ම වුවමනා වෙනවා.


    Programming and Database වලට උදාහරණ

    C, C++, Python, PHP , My SQL

    programming languages

    මේ දේවල් ගැන ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක් පහළින් බලාගන්න පුළුවන්.

    Introduction to Linux
    Never learned Linux? Want a refresh? Develop a good working knowledge of Linux using both the graphical interface and command line across the major Linux distribution families.
    Linux සඳහා වන මූලික දැනුම ගැන
    Free Shell Scripting Tutorial - Intro to Linux Shell Scripting (Free course)
    Get up to speed with Linux shell scripting quickly
    Linux terminal එක සහ shell scripting ගැන
    Learn to Code - for Free | Codecademy
    Learn the technical skills you need for the job you want. As leaders in online education and learning to code, we’ve taught over 45 million people using a tested curriculum and an interactive learning environment. Start with HTML, CSS, JavaScript, SQL, Python, Data Science, and more.
    Programming සඳහා වන tutorials
    HackerRank
    Join over 7 million developers. Practice coding, prepare for interviews, and get hired.
    Hacking පිළිබඳව practice වීම සහ තම හැකියාවන් වලින් මුදල් ඉපයීම පිළිබඳව
    About - Project Euler
    A website dedicated to the fascinating world of mathematics and programming
    Mathematics සහ programming ගැන
    PentesterLab: Learn Web Penetration Testing: The Right Way
    PentesterLab: Learn web hacking the right way
    Hack.me · The house of rising sandbox
    Hack.me is a free community based project powered by eLearnSecurity. The community can build, host and share vulnerable web application code for educational and research purposes.The platform is available without any restriction to any party interested in Web Application Security: students, universi…
    Free Cyber Security Training and Career Development | Cybrary
    Take your career to the next level with Cybrary’s online Cyber Security courses. Join the only free cyber security training that can help get you there!
    Hack The Box :: Penetration Testing Labs
    An online platform to test and advance your skills in penetration testing and cyber security.
    Null Byte — The aspiring white-hat hacker/security awareness playground « Null Byte :: WonderHowTo
    Null Byte is a white hat hacker world for anyone interested in hacking, science, networking, social engineering, security, pen-testing, getting root, zero days, etc.
    Hacking ගැන හොඳ tutorials තියෙන වෙබ් අඩවියක්

    මේ ඔයා Hacker කෙනෙක් වෙන්න ඕනෙනම් ඉගෙන ගන්න ඕන දේවල් තියෙන තැන් වලින් කිහිපයක් විතරයි.

    ඉතින් මේ දේවල් ඉගෙන ගත්තත් මේ දේවල් වලින් වැඩ කරන්න ගොඩක් වෙලාවට ඊට අදාල tools තියෙන OS එකක් හරි Hacking Tools හරි ඕනෙ වෙනවා. ගොඩක් වෙලාවට මේ tools එකින් එක install කරන එක කරදර කටයුත්තක් වෙන නිසා, ඒ හැම දෙයක්ම වගේ ඇතුලත් කරලා තියෙන operating system එකක් අපි නිතරම භාවිතා කරනවා.

    Kali Linux user interface

    Website: https://www.kali.org/

    Developer: Offensive Security

    Initial release: 13 March 2013

    Requirements[minimum]

    • Processor:- i3 and AMD64
    • RAM:- 512MB RAM
    • HDD:- 3.8GB

    BackBox

    Backbox user interface

    Website: https://backbox.org/

    Developer: BackBox Team

    Initial release: September 9, 2010

    Requirements[minimum]

    • Processor:- 32-bit or 64-bit processor
    • RAM:- 512 MB RAM
    • HDD:- 6 GBd

    Parrot Sec Forensic OS

    Parrot os user interface

    Website: https://www.parrotsec.org/

    Developer: Lorenzo Faletra, The Parrot Team

    Initial release: 10 April 2013

    Requirements[minimum]

    • Processor:- At least 1GHz Dual Core CPU
    • RAM:- 256MB – 512MB
    • HDD:- 8GB – 16GB

    Hacking ගැන මූලිකවම කියලා දෙන්න තියෙන්නේ මේ දේවල් ටික තමයි. ඒ වගේම ඔයාලට මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවනම් අපේ Techie Community එක හරහා අපිව සම්බන්ධ කරගන්න පුලුවන්.