ඔයාලා දිගටම TechNews.LK එකත් එක්ක හිටියා නම් මතක ඇති මිට පෙර ලිපියකින් මම කතා කරා IP Address හා Domain name වල සම්බන්ධතාවය සුරකින DNS ගැන.

IP Address හා Domain name වල සම්බන්ධතාවය සුරකින DNS ගැන සරළව දැනගනිමු
DNS එහෙමත් නැතිනම් Domain Name System[https://en.wikipedia.org/wiki/Domain_Name_System] කියන්නේ, විවිධාකාරයේ වෙබ්අඩවි සහ Domain Names එහෙමත් නැතිනම්, වසම් නාම කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කර

නමුත් අලුතෙන්ම ඉගන ගන්න කෙනෙක් නම් DNS ගැන දැනගන්න ඉස්සල්ලා මුලින්ම දැන ගන්න ඕන ප්‍රධානම දෙයක් වෙන්නේ මොනවද මේ IP Address එකක් කියන්නේ කියලා. මම අද මේ Article එකෙන් කියලා දෙන්නම් මොනවද මේ IP Address එකක් කියන්නේ කියලා සරලවම.

“Internet Protocol” කියන එක තමයි මේ කෙටි කරලා අපි IP Address කියලා කියන්නේ. සරලව කිව්වොත් IP Address එකක් කියන්නේ අපට Network එකක් සකස් කිරිමේදි අපට එම Network එකට උපාංග (Devises) සම්බන්ධ කිරීමට කිරිමට අවශ්‍ය වන Address එකක්. ඔයාලා දන්නවා ඇති අපි මේ භාවිතා කරන අන්තර්ජාලයත් (internet) සැකසිලා තියෙන්නේ ඔය කලින් කිව්වා වගේ Network ගොඩක එකතුවකින්. පැහැදිලි කරන්න පහසු වෙන්න සරල උදාහරණයක් ගන්නම්.

IP Address එකක් හරියටම කිව්වොත් අපේ ගෙදර තියෙන ලියුම් පෙට්ටියේ තියන Address එක වගේ. හිතන්න ලංකාව Network එකක් කියලා, ලංකාව ඇතුලේ තියන උපාංග (Devices) විදියට අපිට ගන්න පුලුවන් ඉඩම්. හැම ඉඩමකටම තියනවා අනන්‍ය වූ ලිපිනයක්. ඔන්න ඔය ලිපිනයත් නිකන් IP Address එක වගේ. හිතන්න ඔයාලගේ ගෙදර හදලා තියන ඉඩමේ Address එක වෙන ගෙදරක තියෙන්න බෑ එහෙම තිබුනොත් ඔයාට එන ලියුම් වෙන කෙනෙක්ට යන්න පුලුවන් වගේ ගැටුම් ඇති වෙනවා. මොකද එකම ලිපිනයෙන් ගෙවල් දෙකක් තියනවානේ. ඔන්න ඔය වගේම තමයි, Network එකක එකම IP Address එකෙන් උපාංග (Devices) දෙකක් Assign කරන්න බෑ. එහෙම කරොත් අපි Networking වලදි ඒකට කියනවා IP Conflict එකක් ඇති වෙනවා කියලා. Network එකක උපාංග (Devices) එකිනෙකා අතර තියෙන සම්බන්ධතාවය (Communication) ගොඩ නගා ගන්නේ ඔන්න ඔය කියන IP Address එක මුලික කරගෙන.

අපි Network එකක් සැළසුම් කිරීමක් කරනකොට IP Address අපිට කැමති විදියට එක් එක් උපකරණ සදහා Assign කිරීමට බැහැ. ‍මේ සඳහා පිළිගත් ක්‍රමවේදයක් තියනවා. නිවැරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග (Devices) ගනන, එම Network එකට සම්බන්ධ කරන Network ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනවා. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක් කියන්නේ.

අපි ඉලඟ Article එකෙන් IP Address ගැන මිට වඩා වැඩි විස්තරයක් කතා කරමු. එතෙක් ඔබට Kaspersky වෙබ් අඩවියේ IP Address ගැන පළවි ඇති ලිපියෙන් තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට ඔබට හැකි වෙන අතර මේ කරුණු සම්බන්ධයෙන් ඔබට යම් කිසි ගැටළුවක් ඇත්නම් අපගේ Facebook communty එකට සම්බන්ධ වි ඒ ගැන කතා කරන්න අමතක කරන්න එපා.