මැත කාලිනව ශ්‍රී ලංකාව තුල Social media පරිශීලනයේදි බහුලව දුටු කරුණක් නම් මිනිසුන් විවිධ හේතුන් නිසා තම සියදිවි හානිකර ගැනීම් වැනි සිද්දින්. මේ සම්බන්ධව කතාවන විට බොහෝ අවස්ථා වල Depression කියන වචනය ඔබට හමුවි ඇතැයි මම විශ්වාස කරන අතර මෙම ලිපියෙන් විශාදය නොහොත් Depression ගැන සරලව විස්තර කරනු ලබනවා.‌

Depression කියන්නේ මොකද්ද?

විශාදය එහෙමත් නැතිනම් Depression යනුවෙන් හඳුන්වන්නේ ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන මානසික රෝගයක් වන නමුත් මෙම රෝගයට වාසනාවකට මෙන් ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත.

එමෙන්ම Depression රෝගී තත්වය World Health Organization (WHO) එක විසින් 2021 වර්ෂයේදි පෙන්නා දි ඇති දත්ත වලට අනුව සමස්ථ ලෝක ජනගහණයෙන් 3.8% ක් පීඩාවට පත්ව සිටින අතර, වැඩිහිටියන් අතර 5.0% ක් සහ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් අතර 5.7% ක් ලෙස ලෝකයේ ආසන්න වශයෙන් මිලියන 280 ක ජනතාවක් Depression හේතුවෙන් පිඩා විදිනු ලබනවා.

මේ රෝගි තත්වය ඇතිවෙන්න හේතුව වශයෙන් දැක්වෙන්නේ මිනිස් මොළය තුල ඇති Neurotransmitters වල සිඳුවන අසමතුලිත තත්වයන් වෙන අතර Depression රෝගි තත්වය ඇතිවන විට මොළය තුල සිදුවන වෙනස් කම් පිළිබද ඉදිරි ලිපියකින් ඔබ වෙත විස්තර ගෙන ඒමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා.

‌‌Depression වල රෝගි ලක්ෂණ මෙනවාද?

මෙහිදී රෝග ලක්ෂණ පුද්ගලයන්ගෙන් පුද්ගලයාට අනුව වෙනස් විය හැකි අතර බොහෝ විට පහත රෝගී ලක්ෂණ තිබිමට වැඩි ප්‍රවණවයක් පවතිනවා.

  • නිරන්තරයෙන් දුක්‍යදායක සිතුවිලි පමණක් සිතිම.
  • වෙනදා සතුටින් සිදු කරන ක්‍රියාකරාකම් සඳහා එක වරම කිසිඳු ආශාවක් හො උනන්දුවක් නැති විම.
  • ආහාර රුචියේ වෙනස්වීම් - බොහෝ විට ඔබ ආහාර ගන්නා ප්‍රමාණය අධික වශයෙන් අඩු හෝ වැඩිවිමේ ලක්ෂණ ඇති විය හැකි අතර ආහාර ගැනීම පිළිබද පාලනය ඔබගෙන් ගිලිහි යාම.
  • අධික ලෙස නිදාගැනීම හෝ සුළු කාලයක් පමණක් නිදාගත හැකිවිම.
  • නිරන්තරයෙන් තමන් වැරදියැයි හෝ තමාගෙන් කිසිඳු ප්‍රයෝජනයක් නැති බව සිතිම.
  • සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.
ඉහත දක්වා ඇති රෝග ලක්ෂණ වලට අමතරව ඔබට දිර්ඝ කාලිනව කිසිඳු සතුටුදායක හැඟිම් නොදැනීම වැනි ලක්ෂණ ඇති වුවහොත් නොපමාව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණගැසීම නුවණට හුරු වෙනවා.
දුක සහ Depression අතර වෙනස

බොහෝ දෙනෙකු සිතා සිටිනවා දුක සහ Depression ලෙස හඳුවන්නේ එකම තත්වන්යැයි කියා. නමුත් Depression රෝගී තත්වය ඇති පුද්ගලයෙකුට ඔහුගේ/ඇයගේ මොළය තුල සතුට කියන හැගීම ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙම තත්වය ප්‍රතිකාර මඟින් සුවකිරීමේ හැකියාව ඇතත් ශ්‍රී ලංකාව වැනි රටවල් වල සිටින බොහෝ දෙනා එවැනි ප්‍රථිකාර සඳහා යොමු විමට යම්කිසි පසුබට වීමක් අප සමාජය තුලින්ම පෙන්නුම් කරනු ලබනවා.

TechNews.LK අප විසින් ඉදිරියේදි Depression රෝගය ඇති ඔබගේ යහලුවෙකු සමග ඔබ හැසිරිය යුතු ආකාරය, Depression රෝගය ඇති වූ විට මොළය තුල ඇති වෙන රසායනික වෙනස්කම් ආදී Depression සම්බන්ධ තවත් ඔබ ගැන ගත යුතු වැදගත් කරුණු සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමට සුදානමින් සිටිනවා. එහෙන්ම ඔබත් මේ පිළිබදව උනන්දු අයෙකුනම් අපේ Community එකට ඇවිත් මේ සම්බන්ධයෙන් අදහස් බෙදාගන්නත් අමතක කරන්න එපා.