Windows 10 වලට Google Chrome වල Dark mode එක ලැබීමට නියමිත බව මීට පෙර ලිපියක් මගින් ඔබව දැනුවත් කළා මතකයේ ඇති.

ඔන්න දැන් Google Chrome වල Dark mode එක අපේ Android ජංගම දුරකථනයේ අත්හදා බලන්නට පුළුවන් විදිහේ ක්‍රමයක් ගැන වාර්ථා වෙනවා. කොහොම වුණත් මේ පහසුකම තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන නිසා, Chrome වල තිබෙන සාමාන්‍යය settings වලට එකතු කරන්න මොවුන් කටයුතු කරලා නැහැ.

මේ පහසුකම අත්හදා බලන්න නම් ඔයා Google Chrome වල version 74 හෝ ඊට වැඩි සංස්කරණයක් භාවිතා කළ යුතු වන අතර Chrome Browser එක Open කර ඒක උඩ Address-bar එකේ chrome://version කියලා type කරල Enter කරල ඔයාගේ දැනට තියෙන Chrome Version එක දැනගන්න පුළුවන්.

තවමත් ඔයා භාවිතා කරන Chrome version එක version 74 වඩා අඩු නම් ඔයාට පුලුවන් Play-store >Apps and games > Updates හරහා ඔයාගේ Chrome App එක Update කර ගන්න.

දැන් පහත සදහන් පියවර අනුගමනය කර Dark mode enable කරගන්න පුලුවන්.
  1. Google chrome වල URL එක ඇතුලු කරන තීරුවේ, එහෙමත් නැතිනම් Address-bar එකේ “chrome://flags” ලෙස Type කරන්න.
  2. ඉන් පසු එන පිටුවේ ඉහලින් ඇති Search Box එකේ “Android Chrome UI dark mode ” ලෙස type කර search කරන්න.
  3. "default" ලෙස සැකසී ඇති Android Chrome UI dark mode option එක "Enable" කරන්න.

මේ විදිහට කරලා ඉවර වුණාම Chrome browser එක restart කරන්න ඕන. ඒ කියන්නේ force stop හරහා හරි, recent app වලින් ඉවත් කිරීමෙන් පසුව හරි නැවත Chrome browser එක open කරන්න වෙනවා.

අවසාන වශයෙන් Settings > Dark Mode වෙත ගිහින් dark mode enable කර ගැනීමට පුලුවන්.

මේ ගැන වැඩි විස්තර දැනගැනීමට Lifehacker Web අඩවිය භාවිතා කළ හැකි අතර මේ ගැන ගැටළුවක් ඇති වුණොතින්, අපේ Community එකට ඇවිත් ඒ ගැන අපිට කියන්නත් අමතක කරන්න එපා.