Web Hosting කියන්නේ මොකක්ද ?

වෙබ් අඩවියක් පවත්වාගෙන යාමටනම් අපට ප්‍රධාන වශයෙන් දේවල් 2ක් බලපානවා. ඒ තමයි Domain එකක් සහ Hosting එකක්. Hosting කියන්නේ අපේ වෙබ් අඩවියට අදාළ ගොනු එසේත් නොමැතිනම් Files ගබඩා කර තැබීමයි. යම් වෙබ් අඩවියකට ඔබ පිවිසීමේදී මෙන්ම අපගේ වෙබ් අඩවියට ඔබ පිවිසීමේදී අපගේ Domain නාමය වන technews.lk ඔබ ඔබගේ ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ Web Browser එකෙහි Type කරනවා. මෙහිදී සිදුවන්නේ ඔබ Type කල Domain නාමය ඔස්සේ වෙබ් අඩවියේ ගොනු (files) තැන්පත් කර ඇති Hosting Server එකෙහි IP Address එක DNS හරහා සොයා ගොස් අදාළ Domain නාමය සඳහා සතු වන ගොනු (Files) ඔබගේ Web Browser එකෙහි දර්ශනය කරවීමයි.

ඒ වගෙම Web Hosting එකක් තෝරා ගැනීමට පෙර එම සේවාව පිළිබඳව කරුණු කිහිපයක් සළකා බැලිය යුතු වනවා.

  1. වේගය
  2. ආරක්ෂාව
  3. අලෙවියන් පසු සේවය

එමෙන්ම මුදලට සහ නොමිලේ වෙබ් Hosting සේවා සපයන ආයතන අද වනවිට අපිට ඕනැ තරම් දැකගත හැකි වෙනවා. මුදලට සපයන සේවා සඳහා බොහෝ විට උසස් Premium Hosting සේවාවක් ලබාගැනිමට හැකියාව පවතින අතරම නොමිලේ ලබාදෙන hosting සේවා මගින් අපට උසස්ම තත්වයේ සේවාවක් ලබාගැනිමේ හැකියාව බොහෝ විට අඩුවිය හැකියි. නමුත් මේ වන විට නොමිලේ ලබාදෙන Web Hosting Services සඳහා වැඩි ප්‍රවණතාවක් දැකගැනිමේ හැකියාව පවතිනවා. මේ සඳහා හේතු වී තිබෙන්නේ අඩු පිරිවැයකින් නොමිලයේම වෙබ් අඩවි සඳහා සැලකිය හැකි  Hosting සේවාවක් හෝ මෙම free web hosting සේවා මගින් ලබාදීමට කටයුතු කිරිම හේතුවෙන්.

උසස් සේවාවක් සහිතව නොමිලේ Web Hosting සේවා පහසුකම් ලබාදෙන වෙබ් අඩවි කිහිපයක් පිළිබඳව අපි අවධානය යොමු කරමු.

01. InfinityFree

මෙම සේවාව හරහා ඔබට ඔබගේ වෙබ් අඩවිය නොමිලේම අන්තර්ජාලයට එක් කිරීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී කිසිදු Credit Card එකක් මගින් ගෙවීමක් සිදු කිරිමට අවශ්‍යතාවක් ඇති නොවන අතර WordPress වැනි CMS වර්ග කිහිපයක් නොමිලේ Host කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මීට අමතරව ඔබට පහත විශේෂාංගද මෙම සේවාව හරහා නොමිලේම ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

  • Unlimited Disk Space
  • 10 Email Accounts
  • Free Subdomain
  • Unlimited Bandwidth
  • 400 MySQL Databases
  • Free DNS Service
  • Free SSL Certificate, ඇතුළු තවත් වීශේෂාංග රැසක් මෙම Infinityfree වෙබ් hosting සේවාව තුළ අන්තර්ගත වෙනවා.
Free and Unlimited Web Hosting with PHP and MySQL
Free Web Hosting with Unlimited Disk Space, Unlimited Bandwidth and Unlimited Websites from InfinityFree. With PHP and MySQL and no forced ads on your site.

02. GitHub Pages

GitHub කියන්නේ Git භාවිතා කරමින් මෘදුකාංග (software) සහ විවිධ පරිගණක ලේඛන අන්තර්ජාලය ඔස්සේ  ගබඩා කර තබන open-source Cloud Programming Platform එකක් වන අතර මෙමගින් කණ්ඩායමකට හෝ සෙසු කිහිප දෙනෙකු සමග එක්ව මෘදුකාංගයක් සංවර්ධනය කිරීමට සහ කළමණාකරණය කිරිමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම Github.com නිළ වෙබ් අඩවිය හරහා ඔබට ඉතා පහසුවෙන් ගිණුමක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉන් පසුව ඔබගේ වෙබ් අඩවියට අදාළ ගොනු (Files) GitHub තුළ Project එකක් එසේත් නොමැති නම් Repository සදා එයට Upload කළ හැක. ඉන් පසුව එම Repository එකෙහි Settings තුළ ඇති GitHub Pages යන විශේෂාංගය භාවිතා කර වෙබ් පිටුවට අදාළ ගොනු Host කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

  • 1GB Disk Space
  • Free Subdomain
  • Free SSL Certificate , ඇතුළු තවත් වීශේෂාංග රැසක් මෙම GitHub Pages වෙබ් hosting සේවාව තුළ අන්තර්ගත වෙනවා.තවද මෙය open-source cloud programming platform එකක් වීම හේතුවෙන් ඔබ එහි upload කරන Site files වෙනත් පාර්ශ්වයකට හෝ පුද්ගලයෙකු ට download කරගැනීමේ හැකියාව ද තිබෙනව.‌
GitHub Pages
Websites for you and your projects, hosted directly from your GitHub repository. Just edit, push, and your changes are live.

03. Digitalpress

මේ සඳහා Ghost යන cms ( Content Management System ) එක මුලික කර ගනිමින් නොමිලේ ලබාදෙන සේවාවකි.මෙය blog අඩවි යන සංකල්පය පදනම් කරගනිමින් නොමිලේ ලබාදෙන අතර මේ හරහා ඉතා පහසුවෙන් blog අඩවියක් මෙම digitalpress වෙබ් අඩවිය හරහා නිර්මාණය කරගැනීමේ හැකියාව පවතිනවා. මෙමඟින් ඔබට,

  • 1GB Free Disk Space
  • Free Subdomain
  • Use Your Own domain
  • Free SSL Certificate , ඇතුළු විශේෂාංග කිහිපයක් ඔබට නොමිලේ ලබාගන්න පුලුවන්.Digitalpress තුළ Ghost වෙබ් ක්‍රියාකාරිත්වය සහ in-built Search Engine Optimizations වැනි පහසුකම් සමග themes 10ක් ඔවුන්ගේ Free plan එක තුළ ඇතුළත් වනවා.

ඉහත සඳහන් කළ වෙබ් අඩවි හරහා සෑහීමකට පත් විය යුතු ප්‍රමාණයේ විශේෂාංග සමග Free Web Hosting සේවක් සපයන අතර ඔබට එම වෙබ් අඩවි තුළින්ම ඉතා අඩු මිලකට ඔබගේ වෙබ් අඩවියට සරිලන ආකාරයට Hosting මිලදී ගැනීමේ හැකියාවද ලැබෙනවා.

DigitalPress
Launch your own Ghost blog for free. Plenty of storage is included. Many free themes. Tell your story with DigitalPress.

ඉහත සදහන් කළ වෙබ් අඩවි අතරින් සපයන තරමේ විශේෂාංග නොතිබුණත් සැළකිය යුතු පමණේ Web Hosting සේවාව පහත වෙබ් අඩවි තුළින්ද ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත් මෙවැනි Free web hosting සේවාවන් ලබාගැනිමේ දි ඔබට මුලික පහසුකම් සහිතව නොමිලේ සේවාව ලබාදුන්නද hosting services ලබාදෙන ආයතන වර්ග අනුව ගුණාත්මකභාවය, කල්පැවැත්ම හා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතිනවා.

ඉතා උසස් hosting service එකක් ලබා ගැනිමට නම් ඔබට ගෙවිමක් සිදු කර තම අවශ්‍යතා පරිදි plan එකක් තෝරාගෙන paid hosting සේවාවක් හෝ ලබාගන්නේ නම්, ඒ සඳහා ඔබට free web hosting වලට සාපේක්ෂව ඉතා උසස් hosting සේවාවක් ලබාගැනිමේ හැකියාව පවතිනවා.

මෙවැනි Free web hosting සේවාවන් පිළිබඳව මීටත් වඩා විස්තර ඔයත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්න අමතක කරන්න එපා.