පසුගිය මාස කිහිපය තුළ iPhone භාවිතා කරන පිරිසට emoji හෝ වෙනත් ආකාරයේ unicode characters නිසා විවිධ කම්කටොළු වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ අතරින් තෙළිඟු අකුරක් හේතුවෙන් සිදු වුණු අපහසුතාවය වඩාත් ප්‍රසිද්ධියට පත් වුණා මතක ඇති.

එයට සමානතාවයක් දක්වන තවත් bug එකක් සඳහා පසුගියදා Apple සමාගම විසින් නිකුත් කළ iOS 11.4.1 software update එක හරහා patch කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. මෙම bug එක හරහා කිසියම් පුද්ගලයෙකු තායිවාන් කොඩිය සහිත emoji එකක් iPhone බාවිතා කරන්නෙකුට යවනු ලැබුවහොත් හෝ එම iPhone බාවිතා කරන්නා විසින් Taiwan ලෙස type කිරීමට උත්සාහ කරනු ලැබුවහොත් ක්ෂණියකින් අදාල iPhone එක crash වීමකට ලක් වෙනවා.

taiwan-flag-emoji-can-crash-some-iphones-unless-updated-to-ios-techie

වාර්ථා වෙන අන්දමට චීන රජයේ උපදෙස් පරිදි චීනයේ විකුණන ලද iPhone වලින් Thaiwan කොඩිය block කිරීම උදෙසා සිදු කරන ලද වෙනස්කම් වල දුර්වලතාවයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී තිබෙන අතර ඕනෑම iOS app එකක සිට මේ ආකාරයේ type කිරීමකදී මෙය සිදු වන වැඩිදුරටත් සඳහන් වෙනවා.

කොහොම නමුත් මේ වන විට එම bug එක fix කිරීමට Apple සමාගම කටයුතු කර ඇති අතර තායිවාන් කොඩිය සහිත emoji එක වෙනුවට unicode character එකක් සොයාගැනීමට නොහැකි වූ විට පෙන්නවන symbol එක දර්ශනය වීමට සකසා ඇත.

taiwan-flag-ios-techie

තම iPhone එකෙහි region එක චීනය ලෙස සටහන් කර ඇති iPhone බාවිතා කරන්නන් හට තායිවාන කොඩිය send කිරීහට අවස්ථාව නොලැබෙන අතර වෙනත් රටක සිටින්නෙකු එම emoji එක එවනු ලැබුවහොත් ඉහත සඳහන් කළ ආකාරයට censor කරනු ලබයි.