SwiftKey කියන්නේ වසර ගණනාවක් තිස්සේ මිලියන ගණනක් භාවිතා කරන්නන්ගේ ප්‍රියතම keyboard app එක වුණු අතර, මේ වන විට මේ app එක මිලියන 100 වතාවක් Google Play Store එක හරහා download කර තිබෙනවා.

මේ තරම් අති විශාල downloads ප්‍රමාණයට හිමිකම් කියන්නට ඔවුන් හට අවස්ථාව ලැබුණේ මේ SwiftKey keyboard එකට එකතු කරලා තියන customization options ප්‍රමාණය නිසාවෙන් වන අතර, භාවිතා කරන්නාට තම keyboard එක අවශ්‍යය ආකාරයට වෙනස් කර ගැනීමට මේ හරහා අවස්ථාව ලැබෙනවා.

පසුගිය 2016 වර්ෂයේදී Microsoft සමාගම විසින් මේ SwiftKey එක මිළදීගැනීමට කටයුතු කළ අතර බොහෝ දෙනාගේ අදහස වූයේ මේ මිළදීගැනීමත් සමඟින් SwiftKey app එකත් අභාවයට යනු ඇති බව වුවත්, මේ වන විටත් එය Windows 10 වලට ලබා දීමට කටයුතු සූදානම් කරන අතරම තවත් විශාල වෙනස්කම් ප්‍රමාණයක් සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ වෙනකන් අපිට මොනවාහරි දෙයක් translate කරලා යහලුවෙකුට යවන්න ඕන නම්, apps කිහිපයක් අතර copy/paste කරමින් කරදර වින්ද කාලයට සමු දෙන්න ඔන්න දැන් SwiftKey app එක මගින් අවස්ථාව උදා කර දීලා තියනවා.

ඊයේ, එනම් සැප්තැම්බර් 27 වැනිදා මේ SwiftKey වලට automatic translation පහසුකම එකතු කරන්නට මොවුන් කටයුතු කර තිබුණා. මේ පහසුකම බළගැන්වෙන්නේ Microsoft Translator සේවාවෙන් වන අතර එයට හේතුව දැනටමත් ඔබට පැහැදිලි ඇති; මේක අයිති වෙන්නේ Microsoft සමාගමටයි.

මේ පහසුකම හරහා යමක් type කරන විටම ක්ෂණිකවම එය වෙනත් භාශාවකට පරිවර්ථනය කිරීමට අවස්ථාව ලැබෙන අතර මේ හරහා භාශාවන් 60ක් පමණ භාවිතා කළ හැකි බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කරනවා.

කොහොම වුණත් මේ අලුත් පහසුකම තවමත් ලබා දෙන්නේ Android භාවිතා කරන්නන් හට පමණක් වන අතර මේ වන විට මීට අදාල update එක ලබා දෙන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර xda-developers වෙබ් අඩවියෙන් සහ swiftkey blog එකෙන් දැනගන්න අවස්ථාව තිබෙනවා.

Download SwiftKey App - (Google Play)