තායිවාන ජාතික White hat hacker හැකර්වරයෙකු වන Chang Chi-yuan සිය Facebook ගිණුම හරහා ප්‍රකාශ කර සිටියේ තමන් විසින් Facebook නිර්මාතෘ වන Mark Zuckerberg ගේ නිල Facebook පිටුව මේ ඉරිදා දිනයේදී delete කර දමන බවයි.

Update: 29/09/2018
Bloomberg වෙබ් අඩවිය වාර්ථා කරන ආකාරයට Chang Chi-yuan විසින් අදාල දුර්වලතාවය Facebook සමාගමට පෙන්වා දී තිබෙන අතර සජීවී විකාශනය හා cyber ප්‍රහාරය සිදු කිරීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එ් වගේම එය delete කර දැමීමේ කටයුත්ත Facebook Live හරහා සජීවීව විකාශනය කිරීමටත් ඔහු සූදානම් වෙනවා.

Chang Chi-yuan කියන්නේ තායිවාන ජාතික, ප්‍රසිද්ධ white hat hacker කෙනෙක් වන අතර ඔහු මේ බව 26,000 වැඩි followers ලා ප්‍රමාණයක් එකතු වී සිටිනා සිය Facebook ගිණුමේ නිවේදනයක් මගින් දන්වා සිටියා.

Bloomberg වෙබ් අඩවියේ මේ පිළිබඳව පළවූ ලිපියට අනුව නම් මොහු එසේ මෙසේ හැකර්වරයෙකු නෙමෙයි. 2016 වසරෙ දී  Line අැප් එකේ අඩංගු Bugs සෙවීමට පැවැත්වූ තරගාවලියක් (Bug bounty program) වන Line Corp. එකේ bug bounty - hall of fame තරගාවලියේදී විශේෂ Contributor කෙනෙකු ලෙසත් මොහුව නම් කරනු ලබනවා.

ඉතින් මේ වැඩේ සාර්ථක වුණත්, Zuckerberg’s page එක හැක් වන පළමු අවස්ථාව මෙය නෙමෙයි. මීට පෙර, එනම් 2011 වසරේදී ද Facebook සමාගමේ නිර්මාතෘ වන Mark ගේ Facebook account එක hack කර status update එකක් පවා දැමීමට වෙනත් හැකර්වරයෙකු සමත් වී තිබුනා.

ඉතින් මේ කරන්න යන දේ පිළිබඳව නම් Facebook සමාගමෙන් කිසිඳු බාධාවක් අැති බව නම් තවමත් පෙනෙන්නට නැහැ. මේක ලබන ඉරිදා, ඒ කියන්නේ සැප්තැම්බර් 30 වැනිදා ලංකාවේ වේලාවෙන් දවල් 3:30 ට ඔහුගේ Facebook Profile එක හරහා live බලාගන්නත් හැකියාව ලැබේවි.

මේ ගැන වැඩි විස්තර linecorpවෙබ් අඩවියෙන්, Bloomberg වෙබ් අඩවියෙන් සහ theverge වෙබ් අඩවියෙන් දැනගන්න අවස්ථාව තිබෙනවා.