Spotify ආයතනය විසින් මේ වන විට music වලට කැමති ආදරවන්තයින් සඳහා Spotify Premium Duo නමින් නව subscription plan එකක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අලුත් Spotify Premium Duo subscription එක ආදරය කරන යුවල ඉලක්ක කරගෙන එළිදක්වා ඇති අතර මසකට ‍ඩොලර් 12.99ක මුදලකට Spotify Premium accounts දෙකක් ලැබෙනවා.

මෙහිදී මෙම subscription එක ලබාගන්නා පුද්ගලයින් දෙදෙනාගේ කැමැති/අකමැති කම් මත පදනම් වූ Duo Mix නම් වූ playlist එකක් ද නිර්මාණය වන නමුත් මෙය ලබාගැනීම සඳහා අදාල පුද්ගලයින් දෙදෙනාම එකම ලිපිනයක පදිංචි වී සිටිය යුතු බව Spotify සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔබ මීට පෙර Premium subscription එකක් භාවිතා කර නැතිනම් ඔබට Premium Duo මාසයක කාලයක් නොමිලේ භාවිතා කිරීමට හැකියාව Spotify ආයතනය විසින් ලබා දී ඇති නමුත් මාසයක කාලය ඉක්මවා ගිය පසු Premium Duo මසකට ‍ඩොලර් 12.99 වැනි මුදලක් ගෙවා භාවිතයට ගැනීමට හැකියාව පවතිනවා.

ඔබ දැනටමත් Premium subscription එකක් භාවිතා කරන්නෙකු නම් ඔබ‍ට Spotify හි "Account" page එකට ගොස් Premium Duo වෙත ඔබගේ plan එක upgrade කිරීමට හැකියාව ලැබේ.

මෙහිදී Premium Duo භාවිතා කරන ආදරවන්තයින් සඳහා දෙදනාටම වෙන වෙනම account දෙකක් ලැබෙන බැවින් එකිනෙකාගේ login details හුවමාරු කර ගැනීමට අවශ්‍ය නොවන අතර තම තමන්ගේ කැමැත්ත අනුව music, playlists, podcasts සහ recommendations වැනි දේවල් ඔබට පාලනය කිරීමටද හැකියාව ඇත.

Music for everyone.
Spotify is all the music you’ll ever need.

කොහොම නමුත් Spotify Family subscription එක මේ අලුත් subscription එක වඩා ඩොලර් දෙකක් මිලෙන් වැඩි වුවත්, ඒ හරහා Spotify Premium ගිණුම් 6ක් ලැබෙන අතර Duo Mix පහසුකමට සමාන Family Mix playlist එක ද ලබාගත හැකි වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා Android Central වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ නිළ Spotify Newsroom වෙබ් අඩවිය භාවිතා කළ හැක.