Google සමාගම විසින් Google Meet සේවාවට හඳුන්වාදුන් Noice Cancellation පහසුකම ඔවුන්ගේ G-Suite පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව දීර්ඝ විස්තරයක් මිට පෙර අපි ඔබට ඉදිරිපත් කළා ඔබට මතක ඇති.

Google Meet වෙත Background Noise cancellation පහසුකම හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි
මේ වන විට ජනප්‍රිය වීඩියෝ communication සේවාවක් වන Google Meet සේවාව, Googleසමාගම විසින් හදුන්වා දෙන ලද්දේ 2017 වසරේදීයි. ඔන්න දැන්, මෙය හඳුන්වා දී වසර තුනකට පසු Google සමාගම විසින් Google Meet වෙත AIහැකියාවෙන් බලගැන්වෙන noise cancellation option එක හඳුන්වා දීමට කටයුතු කර තිබෙනබව වාර්ථා වෙනවා. …

ඒ වන විට එම පහසුකම ලබා දී තිබුණේ රටවල් කිහිපයකට පමණක් වුවත් Google සමාගම දැන් සූදානම් වන්නේ මෙම නවතම පහසුකම තවත් රටවල් කිහිපයක් වෙත ලබා දීමටයි.

ඒ අනුව ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඉන්දියාව, ජපානය සහ නවසීලන්තය යන රටවල් වලට මෙම පහසුකම අලුතෙන් ලැබෙනු ඇති නමුත් දැනට දකුණු අප්‍රිකාවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ අවට ප්‍රදේශවල සිටින Google Meet පරිශීලකයන් හට මෙම noise cancellation පහසුකම භාවිතා කළ නොහැකි බව Google සමාගම පෙන්වා දෙනවා.

සාමාන්‍යයෙන් G-Suite පරිශීලකයින් සඳහා පමණක් හිමි වන මෙම නවතම feature එක සැප්තැම්බර් 30 දක්වා ඕනෑම පරිශීලකයෙකු හට නොමිලේ අත්විඳීමට Google සමාගම ඉඩ ලබා දී ඇති අතර මේ කාළය තුළ ඔබට එක් meeting එකක් සඳහා සාමාජිකයින් 250ක් සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම ඒවා අවශ්‍ය නම් මෙය live stream කරන අතරතුරදීම record කර ගැනීමටද හැකියාව ලැබෙනවා.

මීට අමතර ව background blur පහසුකම මෙන් ම ඔබට අවශ්‍ය නම් green screen එකක් නොමැතිව background එක වෙනස් කිරීමට ද හැකියාව ද ලබාදී ඇති අතර, කතා කරන විට subtitles පෙන්වීමට ද දැන් හැකියාව තිබෙන නමුත් දැනට එය සහය දක්වන්නෙ ඉංග්‍රීසි භාෂාව ට පමණක් වන බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Support වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.