Spotify සේවාව තවමත් ලංකාවට නිළ වශයෙන් ලබාදීමට කටයුතු කර නොමැති වුවත්, Spotify යනු මේ වන විට ලොව පුරා මිලියන 300 කට ආසන්න පරිශීලකයන් සංඛ්‍යාවක් භාවිතා කරනු ලබන බෙහෙවින්ම ජනප්‍රිය music streaming service එකක් බව ඔබ දන්නවා ඇති.
මේ වන විට Spotify සේවාව විසින් සිය පරිශීලකයන් සඳහා නව විශේෂාංග මාලාවක් අත්හදාබලමින් සිටින බව වාර්තා වෙනවා.
මෙසේ අත්හදා බලමින් සිටින විශේෂාංග අතර local networks සඳහා Group Sessions විශේෂාංගය පුළුල් කිරීම, playlists සඳහා auto-refresh පහසුකම එක් කිරීම, podcast episodes save කිරීමේ හැකියාව ලබාදීම, Spotify නොමිලේ භාවිතා කරන්නන් සඳහා මිනිත්තු 30 ක offline listening පහසුකම ලබාදීම සහ තවත් පහසුකම් කිහිපයක්ම ඇතුළත් වෙනවා.
තාක්‍ෂණික සමාගම් විසින් සංවර්ධනය කරනු ලබන නව විශේෂාංග සොයා ගැනීම සඳහා apps සහ softwares වලට ඇතුළුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන reverse engineer කෙනෙකු වන Jane Manchun Wong විසින් සිය Twitter ගිණුමෙහි post කල screenshots කිහිපයක් හරහා Spotify විසින් ක්‍රියාත්මක කර ඇති ආකර්ෂණීය ක්‍රියාකාරීත්වයන් සහ වැඩිදියුණු කිරීම් පිළිබඳව අනාවරණය කිරීමට ඇය කටයුතු කර තිබෙනවා.
Spotify is working on letting free users play offline for 30 minutes every day pic.twitter.com/q9Vn3tQOKD
— Jane Manchun Wong (@wongmjane) September 5, 2020
Spotify සේවාවට පැමිණිය හැකි විශාලතම වෙනස්කම් වලින් එකක් වන්නේ free subscription එකක් භාවිතා කරන පරිශීලකයන් හට දිනපතා මිනිත්තු 30 ක් offline ලෙස සංගීතයට සවන්දීමට ඇති හැකියාවයි.
දැනට, offline streaming පහසුකම ලබා ගැනීමට හැකියාව ඇත්තේ premium subscription එකක් භාවිතා කරන පරිශීලකයන් සඳහා පමණක් වන අතර මෙලෙස free subscription එකක් ඇති පරිශීලකයින් හට Spotify සේවාව භාවිතා කළ හැක්කේ ඔවුන්ට අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇත්නම් පමණි.
නමුත් මෙම විශේෂාංගය ලබාදීමට කටයුතු කලහොත්, අන්තර්ජාල සම්බන්ධතාවයකින් තොරව සෑම දිනකම මිනිත්තු 30ක කාලයක් music වලට සවන්දීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.
Spotify is working on “Your Episodes” for saving your favorite podcast episodes pic.twitter.com/Zv0xgOA8Ev
— Jane Manchun Wong (@wongmjane) September 5, 2020
ඔබ podcasts වලට සවන්දීම සඳහා Spotify භාවිතා කරන්නේ නම්, Spotify විසින් “Your Episodes” නමින් විශේෂාංගයක් එළිදැක්වීමට සූදානම් කරන බවද වාර්තා වෙන අතර මෙය භාවිතා කිරීමෙන්, ඔබට නැවත සවන්දීම සඳහා හෝ ඔබේ ප්‍රියතම podcasts වල විශේෂිත episodes save කිරීමට හැකියාව ලැබෙනවා.
Spotify is working on “Auto-refresh” for playlists,
— Jane Manchun Wong (@wongmjane) September 5, 2020
noting when enabled, the playlist will automatically refresh w/ new songs pic.twitter.com/n9LoLWBPbo
ඊට අමතර “auto-refresh” යනුවෙන් පහසුකමක්ද හඳුන්වා දීමට සූදානම් වන අතර මෙම පහසුකම මගින් පරිශීලකයින් හට ඔවුන්ගේ playlists refresh කිරීමට අවශ්‍ය නම් සහ නව ගීත ස්වයංක්‍රීයව එකතු කිරීමට අවස්ථාව සලසනවා.
Spotify ආයතනය විසින් ඔවුන්ගේ car mode එක සඳහා නව homepage එකක් ද හඳුන්වාදීමට සූදානමින් සිටින අතර එය විශාල ප්‍රමාණයේ images සහ අලුත් navigation bar එකකින් සමන්විත වෙනවා.
Spotify is working on a new Car Mode home page where it shows:
— Jane Manchun Wong (@wongmjane) September 5, 2020
1. larger grids of recommended playlists
2. a banner telling users they can control Spotify via Google Assistant
3. a redesigned navigation bar for Car Mode (not exactly new but still) pic.twitter.com/Bmqhq0vUWj
Google Assistant හරහා Spotify control හැකි බව පරිශීලකයින් හට දැන ගැනීමට ඉහළින් banner එකක්ද දැකගැනීමටද හැකියාව තිබෙන අතර recommended playlists සඳහා විශාල grids ද දැකගත හැකි වෙනවා.
Spotify is working on a new player UI for Car Mode pic.twitter.com/8Fy4bvud8J
— Jane Manchun Wong (@wongmjane) September 5, 2020
ඊට අමතරව Spotify සේවාවට Karaoke Mode යනුවෙන් නව විශේෂාංගයක් හඳුන්වාදීමට ද කටයුතු කරන අතර එමඟින් track එකෙහි කටහඬෙහි volume එක වෙනස් කිරීමටද පරිශීලකයින් හට හැකියාව ලබා දෙන බව දැක ගැනීමට පුළුවන්.
Spotify is working on Karaoke Mode
— Jane Manchun Wong (@wongmjane) September 7, 2020
the vocal level is adjustable pic.twitter.com/apeIlETAQs
Spotify සේවාව හරහා එකම Wi-Fi ජාලයක සිටින පරිශීලකයින් හට speakers වැනි audio devices සමඟ සම්බන්ධ වීමට Group Sessions පහසුකම අත්හදාබලමින් සිටින අතර අවසාන වශයෙන් Spotify වෙතට නව like animation එකක් හදුන්වාදීමටද සූදානම් වන බව Jane විසින් අනාවරණය කල පහසුකම් අතර වෙනවා.
Spotify is working on a new like animation pic.twitter.com/kZDkaJ7Mov
— Jane Manchun Wong (@wongmjane) September 5, 2020
මෙම නව විශේෂාංග Spotify ආයතනය විසින් තවමත් නිළ වශයෙන් තහවුරු කර නොමැති බැවින් මීළඟ Spotify stable version එකෙහි දැක ගැනීමට නොහැකි වනු ඇත. එමෙන්ම මෙම පහසුකම් සියල්ලම ඉදිරියේදී පරිශීලකයින් හට ලබාදනෙ අවස්ථාව වන විට මීට වඩා වෙනස් මුහුණුවරක් ගැනීමට ද ඉඩකඩ ඇති බව මතක තබාගත යුතු වෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.