Spotify ආයතනය ඔවුන්ගේ music streaming service එක මූලික කරගෙන devices අත්හදා බලා ඇති නමුත් එම කිසිදු device එකක් මෙතෙක් පුළුල් ලෙස වෙළඳපොළට නිකුත් කර නොමැති වෙනවා.

මේ වනවිට, Spotify ආයතනය විසින් ඔවුන්ගේ ‘Car Thing’ device එක එක්සත් ජනපදය තුළ Spotify Premium Subscribers ලා ඉලක්ක කොටගෙන limited product launch එකක් ලෙස හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

මෙය අඟල් 4.6 ක පළලකින් සහ අඟල් 2.5 ක උසකින් යුක්ත වන අතර මෙහි අඟල් 4 ක touchscreen එකක් අන්තර්ගත වෙනවා. එමෙන්ම, මෙහි ඉහළින් preset buttons හතරක් ඇති අතර එමගින් ඔබගේ favorite music, playlists හෝ podcasts ආදිය පහසුවෙන්ම access කිරීමට හැකියාව තිබෙනවා.

View post on imgur.com

Touchscreen එකට අමතරව, මෙහි ඇති side dial එක හරහා බොහෝ කාර්යයන් පාලනය කළ හැකි අතර ඔබට අවශ්‍ය content play කිරීම සඳහා “Hey Spotify” command එක භාවිතා කිරීමේ හැකියාවද මෙහිදී හිමිවෙනවා. ඊට අමතරව, Car Thing device එක ඔබගේ මෝටර් රථයට Bluetooth හෝ 3.5mm jack එක හරහා connect කිරීමට හැකියාව පවතිනවා.

Spotify ආයතනය විසින් කටහඬින් music control කිරීම සඳහා ‘Hey Spotify’ voice command එක හඳුන්වාදීමට කටයුතු කරයි
Spotify යනු ලොවපුරා බෙහෙවින් ජනප්‍රිය streaming service එකක් වන ඔවුන් සියපරිශීලකයන් හට නිතරම පාහේ නව විශේෂාංග ගෙන හඳුන්වාදීමට කටයුතු කරනු ලබනවා. පසුගිය කාලය පුරාවට Spotify ආයතනය විසින් ‘Hey Spotify’ voice command එකහඳුන්වාදීමට සූදානමින් සිටින බවට වාර්තා පළ වූ අතර, මේ වනවිට iOS සහ Android device…

Spotify ආයතනය පවසන්නේ මෙම උපාංගය එක්සත් ජනපදය තුළ සිටින සීමිත පරිශීලකයන් පිරිසක් පදනම් කරගෙන පමණක් නිකුත් කෙරෙන බවත්, Spotify Premium පරිශීලකයන් හට මෙම device එක නොමිලේ ලබා දෙන බවයි.

Car Thing device එකෙහි මිල ඇමරිකානු ඩොලර් 79.99 ක් ලෙස දක්වා ඇති නමුත් මේ උපාංග වෙළඳපොල වෙත නිකුත් කරන දිනයක් පිළිබඳව Spotify ආයතනය තවමත් සඳහන් කර නොමැති වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Spotify Newsroom, Tech Crunch වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.