දේශගුණික විපර්යාසයන් හා කාළගුණ වෙනස්වීම් පිළිබඳව හා ඒ සමඟම පෘතුවියේ උෂ්ණත්වය ඉහළ යාම, ග්ලැසියර දියවීම මෙන්ම සාගර ජල මට්ටම ඉහළ යාම ආදී විවිධාකාර පාරසරික ප්‍රශ්නයන් පිළිබඳව නිරන්තරයෙන් කතා කරන කාලයක් අප පසු කරමින් සිටින බව ඔබ දැනටමත් හොඳින් දන්නා කරුණක්.

නමුත් තවමත් නිසි පිළිතුරක් නොමැති මෙම බරපතළ සිදුවීම් පෙළ නුදුරු අනාගතයේදීම මිනිසාට අහිතකර ප්‍රතිඵල අත්කර දෙනු නිසැකයි.

මේ අතර මෙම ව්‍යසනය පිළිබඳව අවධානය යොමු කරවීමට වෙනස්ම මඟක් පාදා දීමට Google සමාගම කටයුතු කර තිබෙන අතර, ඒ අනුව ඔබ Google Earth පරිශීලකයෙක් නම්, කාලානුරූපීව සිදු වු පෘතුවියේ මෙම දේශගුණික හා භූගෝලීය වෙනස්වීම් හරියටම දැකගැනීමට දැන් ඔබට හැකියාව තිබෙනවා.

අතීතය නැරඹිය හැකි Time Machine feature එකක් Google Earth වෙත එකතු කිරීමට Google සමාගම සූදානම් වෙයි
අතීතයේදී ලබාගත් satelite images භාවිතා කරමින් ලොව විවිධ ස්ථාන ඒ ඒ කාලයන් වලදීතිබුණු ආකාරය බැලිය හැකි පහසුකමක් Google Earth mobile app එක වෙත එකතු කිරීමටසූදානමින් සිටින බව මේ වන විට වාර්තා වෙනවා. මෙම පහසුකම මේ වන විට Google Earth Android app එකේ source code එක තුළ ඇතුලත් වනනමුත්, එය experimental …

Google Earth හි නවතම සංසංස්කරණය සමඟ Google සමාගම විසින් මෙම විශේෂාංගය හඳුන්වා දී තිබෙන අතර එය "Timelapse" ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව මෙම "Timelapse" විශේෂාංගය ඔස්සේ පෘථිවියෙහි යම් කිසි ස්ථානයක් වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ වෙනස් වූයේ කෙසේද යන්න චිත්‍රපටයක් අකාරයෙන් ඔබට නැරඹීමට අවස්ථාව ලබා දෙන අතර, එතුළ සුන්දර වූ ස්වභාවික පරිසර වෙනස්වීම මෙන්ම, අසුන්දර මානව ක්‍රියාකාරකම් නිසා විනාශ වූ සොබාදහමද ඇතුළත් වෙනවා.

4D අත්දැකීමකට සම්පාදනය කරන ලද චන්ද්‍රිකා ඡායාරූප මිලියන 24 කින් සක්‍රීය කර ඇති මෙම විශේෂාංගය නිසා ලෝකය වෙනස් වී ඇති ආකාරය ඕනෑම කෙනෙකුට දැක ගත හැකි අතර, අප දැන් මුහුණ දී සිටින පාරිසරික දුෂ්කරතා පිළිබඳ වඩා හොඳ චිත්‍රයක් ලබාගැනීමටත්, ඒවාට වඩා හොඳ විසඳුම් නිර්මාණය කරගැනීමත් අවස්ථාව ලබාදෙනවා.

Google සමාගම විසින් මෙම ව්‍යාපෘතිය සඳහා Carnegie Mellon University’s CREATE Lab හි සහය ද ලබාගෙන තිබෙන අතර ඔවුන් විසින් " වනාන්තර වල සිදු වූ වෙනස්කම්, නගර වර්ධනය සිදුවූ ආකාරය, Warming temperatures, Sources of energy හා Fragile beauty යන Category ඔස්සේ දත්ත ලබාගැනීම සිදුකර තිබෙනවා.

ඒ වගේම Google සමාගම විසින් ඉදිරියේදීත් අඛණ්ඩව මෙම ව්‍යාපෘතිය සමඟ කටයුතු කරනු ඇති අතර, අපේ ග්‍රහලෝකයේ සිදු වන සෑම වෙනස්කමක්ම ඒ ඔස්සේ දැකගැනීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය සහ CNN වෙබ් අඩවිය භාවිතා කළ හැක.