Spotify සමාගම දැන් Spotify App එක තුල video podcasts පහසුකමක් පිළිබද පරීක්‍ෂා කරමින් සිටින බවට වාර්ථා වන අතර මේ පරික්ෂා කිරිම සදහා ඔවුන් යොදාගෙන ඇත්තේ ප්‍රසිද්ධ YouTuber වරුන් දෙදෙනෙකු වන Zane Hijazi සහ Heath Hussar ය.

මෙලෙස පටිගත කරන ලද video footages, Spotify App එකට Upload කිරිමට ඉඩ සලසන අතර එම ‍දර්ශන Spotify මගින් අදාල podcast එක අසන්නන්ගෙන් 50% කට පමණ පෙන්වනු ඇති අතර මෙය දැනට පරීක්ෂණයක් පමණක් වුවද අනාගතයේදී තවත් podcasts සඳහා මෙම පහසුකම ලබාදෙනු ඇති බවට වාර්ථා වෙනවා.

කොහොම නමුත් මේ වන තුරු Spotify සමාගම මේ පරීක්ෂණයන් පිළි‌බඳව නිළ වශයෙන් ප්‍රකාශයක් සිදු කර නොමැති අතර මීට පෙර Spotify වල video පහසුකම අන්තර්ගත වූ නමුත්, 2017 වර්ෂයේදී එය ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා.

මේ දින වල සැමකෙනෙකුම පාහේ නිවසේ රැඳී සිටීම හේතුවෙන් podcast අසන්නන්ගේ ප්‍රමාණය වැඩි වි ඇති බව සදහන් වන අතර video podcasts එකතු කිරිම හරහා එම ප්‍රමාණයේ සිදු විය හැකි වෙනස දැනගැනීමට බොහෝ දෙනා උනන්දුවෙන් පසු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Theverge වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක