Google Chrome හරහා වෙබ් අඩවියක් වෙත පිවිසීමේදී ඇතැම් අවස්ථාවල අදාල වෙබ් අඩවිය සම්පූර්ණයෙන් load වන තුරු විනාඩි කිහිපයක් බලා සිට අවස්ථා පිළිබද අත්දැකීම් ඔබටත් ඇති.

එවන් බොහෝ අවස්ථාවල මේ සදහා හේතුව තමන්ග‍ේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ප්‍රශ්නයක්ද එසේත් නැත්නම් වෙබ් අඩවියේ ප්‍රශ්නයක් ද යන්න පරිශීලකයාට මතු වන ප්‍රධානතම ගැටළුවක් වෙනවා.

ඔන්න දැන් මේ ගැටලුවට විසදුමක් විදිහට Google සමාගම Chrome භාවිතා කරන්නන් හට වඩාත් උසස් සේවවාවක් ලබා දීමේ අරමුණින් වෙබ් අඩවියේ වේගය පිළිබදව එය භාවිතා කරන්නන් හට අවබෝධයක් ලබාදීමට badge system එකක් හදුන්වාදීමට සූදානම් වෙනවා.

මේ පහසුකම හරහා හොද අන්තර්ජාල සම්බන්ධතාවකදී වුවත් සෙමින් load වන වෙබ් අඩවි load වන අතරතුර  “Loading…” සහ “Usually loads slow” ලෙස දැනුවත් කිරීමක් කිරීමටත්, ඉක්මණින් load වන වෙබ් අඩවි සදහා green progress indicator එකක් ලෙස load වූ ප්‍රමාණය පෙන්වීමත් සිදුවෙනවා.

මෙහිදී Google සමාගම මේ පහසුකම පිළිබදව විස්තර කරමින් Chromium නිල Blog පිටුවේ ලිපියක් මගින් පෙන්වා දෙන්නේ Chrome භාවිත කරන පරිශීලකයන් හට  වඩාත් උසස් තත්වයේ සේවාවක් ලබ‍ා දීම මෙහි අරමුණ වන බවත් සෙමින් load වන වෙබ් අඩවි අපහසුතාවයට පත් කිරීමක් ඔවුන් මේ හරහා බලාපොරොත්තු නොවන බවත්ය.

Moving towards a faster web
Speed has been one of Chrome’s core principles since the beginning - we’re constantly working to give users an experience that is instant a...

එමෙන්ම Google සමාගම පවසන ආකාරයට මෙය on-site speed එසේත් නැතිනම් මුල් වෙබ් පිටුව Load වන වේගය මතම රදා නොපවතින අතර තවත් කරුණු කිහිපයක් මත රදා පැවතිය හැකි බවයි.

ඒ කෙසේ නමුත් අනෙක් කරුණු මොනවාදැයි යන්න මෙතෙක් Google සමාගම නිල ප්‍රකාශයක් කර නොමැති අතර ඔවුන් වෙබ් අඩවි නිර්මාණකරුවන් හට කියා සිටින්නේ PageSpeed Insights, Lighthouse, a lab tool,web.dev/fast වැනි සේවා භාවිතයෙන් තමන්ගේ වෙබ් අඩවියේ site performance වැඩි කරගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසය.

මේ සදහා වැඩි විස්තර දැනගැනීමට Chromium නිල Blog පිටුව, TechCrunch වෙබ් අඩවිය හා TheVerge වෙබ් අඩවිය භාවිතා කළ හැකි අතර ඔබ වෙබ් අඩවි නිර්මාණකරුවෙකු ලෙස මුහුණ දෙන ගැටලු වල‍ට අප‍ේ Community එක හරහා විසදුම් ලබා ගන්න පුලුවන්