Snapchat කියන්නේ මේ වන විට ලොව පුරා users ලා මිලියන ගණනක් අතර බොහොම ප්‍රසිද්ධ social network එකක් බවට පත් වී තිබෙනවා.

මේ Snapchat භාවිතා කරන අයට වගේම advertising කරන අයගේත් පහසුව වෙනුවෙන් මෑතකදී මේ app එකට අළුත් වෙනස්කම් රාශියක් එකතු කිරීමට Snap සමාගමෙහි CEO වන Evan Spiegel කටයුතු කරනු ලැබුවා.

කොහොම නමුත් මේ අළුත් වෙනස්කම් වලට වැඩි දෙනෙකුගේ ප්‍රසාදයක් හිමි වූ බවක් නම් පෙනෙන්නට තිබුනේ නැති අතර, මේ වෙනස්කම් ගැන නැවත සළකා බලන ලෙසට බල කරමින් ලොව පුරා Snapchat භාවිතා කරන්නන් මිලියන 1.2 ක පමණ ප්‍රමාණයක් විසින් අත්සන් කරන ලද පෙත්සමක් ඉදිරිපත් කරන්නට කටයුතු කර තිබෙනවා.

මීට අමතරව Snap සමාගමේ දත්ත වලට අනුව මේ අළුත් design එක නිසාවෙන් දිනපතා Snapchat භාවිතා කරන පිරිස මිලියන 191 සිට මිලියන 188 දක්වා පහත වැටී තිබෙන අතර Snapchat ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා ඇති වූ නරකම තත්ත්වය මෙය බව Spiegel මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

Snap සමාගම මේ වසර තුලදී භාවිතා කරන්නන්ගේ ප්‍රතිචාර වලින් බොහෝ දේවල් ඉගෙනගනිමින් සිටින බවත්, ඒ හරහා Snap ආයතනයේ ඉදිරි කටයුතු වෙනස් කිරීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.

කොහොම නමුත් මේ පුවත Snap සමාගමේ ආයෝජකයන්ට නම් සුභ ආරංචියක් නොවන අතර මේ හරහා Instagram වැනි වෙනත් ආදේශක වලට භාවිතා කරන්නන් නිතැතින්ම මාරු වීමට කටයුතු කරන බව පෙනී යනවා.