Facebook page එකක් කියන්නේ මේ වෙනකොට ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට ඉතාමත් උචිත විදිහේ platform එකක් බවට පත්වෙලා තියන තැනක්.

ඉතින් මේ වෙනකොටත් ලොකු, කුඩා බේදයකින් තොරව ලොව පුරා ව්‍යාපාර විශාල සංඛ්‍යාවකට තමන්ගේ ම කියල Facebook Page එකක් තියෙනවා. Facebook එකට වැඩිපුරම මුදල් ලැබෙන්නෙත් මෙන්න මේ කියන ව්‍යාපාර නිසාවෙන්ම තමයි.

ඒ නිසාම Facebook සමාගම මේ වෙනකොට ව්‍යාපාර හරහා හොද පාරිභෝගික සේවාවක් ලබා දීමට අවශ්‍යය කටයුතු කරගෙන යන අතර එහි ප්‍රතිඵලයක් විදිහට Facebook Page වලට අලුත් features රැසක් එකතු කරන්න ඔවුන් කටයුතු කරලා තියනවා.

fb_recomendation_to_pages

Recommendations

මේ Recommendation කියන feature එක හරහා අදාල ව්‍යාපාරය ගැන ඔයාගෙ අදහස්, යෝජනා වගේම චෝදනා වුනත් ලබාදෙන්න ඔයාට හැකියාව ලැබෙනවා. මේ වෙනකොටත් reviews කියන පහසුකමක් තිබුණත්, මේ අළුත් Recommendation හරහා images, hashtags භාවිතා කරමින් ඉතාමත් පැහැදිලි ආකාරයේ review එකක් ඉදිරිපත් කළ හැකි වෙනවා.

මීට අමතරව මේ සේවාව ගැන ලබා දෙන විස්තරය හරහා කියවන්නාට ඉතාමත් පැහැදිලි අදහසක් දීම වෙනුවෙන් අවම වශයෙන් වචන 25 ක් හෝ තිබිය යුතු ලෙස සකසා තිබෙනවා. ඒ වගේම අළුතින් එකතුවන මේ Hashtag හරහා අදාල ව්‍යාපාරය පිළිබඳව ඉක්මණින් අදහසක් ගැනීමට පාරිභෝගිකයන් සමත් වන බව Facebook සමාගම විශ්වාස කරනවා.

fb_page_tags-tech-news-sinhala

ගොඩක් වෙලාවට අපි අන්තර්ජාලය තුල දකින දෙයක් තමයි fake recommendations. ඉතින් මේ හරහා එකතු කරන වැරදි, ඒ වගේම නොමග යවන සුලු දේවල් ඇතුලත් recommendations තිබුනොත් ඒවා report කර ඉවත් කිරීමටද හැකියාව ලබා දීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

fb-fake-review-report-tech-news-sinhala

ඔයා Google Maps පාවිච්චි කරන කෙනෙක් නම් බොහෝ වෙලාවට ව්‍යාපාරික ස්ථානයන් භාවිතා කරන්නන් විසින් upload කරන ලද photos ඒ හරහා නිතරම දැකලා ඇති. ඒ වගේම upload කරලත් ඇති. ඔන්න දැන් ඒ පහසුකම Facebook හරහා ලබා දෙන්නට Facebook සමාගම සැරසෙනවා.

Action buttons

ඉතින් මේ පහසුකම හරහා ඔයාට පුලුවන් විශේෂිත Button එකක් අදාල page එකට එකතු කරන්න.

fb_page_actions-tech-news-sinhala

උදා- Use App, Visit Website
ඉතින් පහසු කම පෙර සිටම තිබ්බත් දැන් ඒ පහසුකම වැඩිදියුණු කරන්න ඔවුන් කටයුතු කර තිබෙනවා. එමෙන්ම ගොඩක් ආකර්ෂණීය විදහට මේ buttons අන්තර්ගත කිරීමේ හැකියාව දැන් ලබා දීලා තියෙනවා. මේ buttons ඔබ විසින් තෝරාගන්නා page template එක අනුව එකිනෙකට වෙනස් වෙනවා.

Page Story

fb_stories_page-tech-news-sinhala
මේ පහසුකම Instagram වල තියෙන Stories වලට සමානකමක් දක්වන අතර මේ හරහා
ඔයාගේ පාරිභෝගිකයන්ට facebook page එකේ profile photo එක මත tap කිරීමෙන් page stories නැරඹීමට හැකියාව ලැබෙන පරිදි මෙය වෙනස් කිරීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

මීට අමතරව

නිෂ්පාදන මිල ගනන්, පෙන්වීමට, event tickets අලෙවි කිරීමට මෙන්ම job listing එහෙමත් නැතිනම් රැකියා අවස්ථා පලකිරීමේ පහසුකමත් මේ Facebook pages සඳහා එකතු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉහත සඳහන් කළ සෑම feature එකක්ම තවමත් ඔබට ලැබී නොමැති වියහැකි වුවත් මීළඟ මාස කිහිපය ඇතුලත ඉහත කී සියළුම පහසුකම් ඔබගේ Facebook page එකට ඇතුලත් වනු ඇති බව Facebook සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.