තනි කැමරාවක් සහිත ජංගම දුරකථන වලින් Facebook 3D Photos නිර්මාණය කිරීමේ හැකියාව ලබාදෙයි

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    Facebook වලට බොහෝ දෙනා 3D photos එකතු කරන්නට කටයුතු කලත් මේ වන තුරු ඒ සඳහා හැකියාව ලබා දී තිබුනේ multiple camera වලින් ලබාගත්, එනම් depth details අන්තර්ගත වුණු photos සඳහා පමණයි.

    කොහොම වුණත් පසුගිය පෙබරවාරි 28 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් Facebook සමාගම ප්‍රකාශ කර සිටියේ දැන් තනි කැමරාවක් සහිත ජංගම දුරකථන වලින් ලබාගන්නා ඡායාරූප වුවත් 3D photo එකක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට ඔවුන් කටයුතු කර ඇති බවයි.

    Powered by AI: Turning any 2D photo into 3D using convolutional neural nets
    We have created a new AI-powered tool that can turn virtually any standard 2D picture into a 3D image.

    මීට අමතරව ජංගම දුරකථනයේ front camera එක භාවිතා කර 3D selfie ලබාගැනීමේ හැකියාව ද ලබාදෙන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

    View post on imgur.com

    ඕනෑම 2D photo එකක ඇති depth details ප්‍රතිනිර්මාණය කරගැනීමේ හැකියාව ලබාගැනීම සඳහා Facebook සමාගමේ Machine learning තාක්ෂණය භාවිතා කිරීමට කටයුතු කරනු ලබන බවත් ඒ සඳහා ඔවුන්ගේ QNNPACK Library එක භාවිතා කරනු ලබන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

    View post on imgur.com

    iPhone 7 හෝ ඊට පසු මාදිලියකින් මෙන්ම ඕනෑම mid-range Android device එකක සිට highend device එකක් දක්වා ඕනෑම ජංගම දුරකථනයකින් ලබාගන්නා ඡායාරූප මෙලෙස 3D photo එකක් නිර්මාණය කිරීමට භාවිතා කළ හැකි බව Facebook සමාගම පෙන්වා දෙනවා.

    කොහොම වුණත් තවමත් මේ පහසුකම සියළුම Facebook පරිශීලකයන් හට නිකුත් කිරීමට කටයුතු කර නොමැති අතර ඉදිරියේදී ක්‍රමයෙන් සෑම පරිශීලකයෙකු හටම මෙය ලබාදීමට ඔවුන් කටයුතු කරනු ඇති.

    මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook AI Blog එක, The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.