මෑත කාලීනව අඩු වියදම් වගේම මධ්‍යම ප්‍රමාණයේ Smart ජංගම දුරකථන ජනප්‍රිය වෙලා තියනවා ආසියාතික රට වල.මේකට හේතුව තමයි මේවා මිලෙන් අඩුයි වගේම පෙනුමෙන් සහ RAM, CPU Clock, Internal memory සහ Camera එකේ Pixel ප්‍රමාණයත් ගොඩක් තියන එක.
ඉතිං RAM, CPU, Internal memory වගේම Camera එකත් හොදයි නම් මේවා කොහොමද අඩු වියදම් එහෙමත් නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ Smart ජංගම දුරකථන වෙන්නේ?

ඇත්තෙන්ම මේ අඩු වියදම් වගේම මධ්‍යම ප්‍රමාණයේ Smart ජංගම දුරකථනවල RAM, CPU Clock, Internal memory සහ Camera එකේ Pixel ප්‍රමාණයත් ගොඩක් තියනවා වුණත් මේ RAM, CPU Clock, Internal memory සහ Camera එකේ Pixel මිළ ඉහළ ඒවත් එක්ක සසඳා බලද්දී නම් මේ කියන RAM, CPU Clock, Internal memory සහ Camera එකේ Pixel ප්‍රමාණයන් කියන තරම් නැතිව ඇති කියලා හිතෙනවා.ඒත් ඇත්තටම තියනවා, එහෙමනම් ඇයි මේ අඩු වියදම් වගේම මධ්‍යම ප්‍රමාණයේ Smart ජංගම දුරකථන ටිකක් Slow වගේම Camera Quality එක අඩුයි වගේ දැනෙන්නේ?

ඒකට හේතුව නම් මේ අඩු වියදම් වගේම මධ්‍යම ප්‍රමාණයේ Smart ජංගම දුරකථන නිශ්පාදනය කරන්නේ අඩු පිරිවැයකින්. වැඩි මිළ ජංගම දුරකථන වල රත්තරං, හොදම තත්වයේ සිලිකන්, හොදම තත්වයේ තඹ භාවිතා වුනත් මේ අඩු වියදම් වගේම මධ්‍යම ප්‍රමාණයේ Smart ජංගම දුරකථන සඳහා සාමාන්‍යය තත්වයේ අමුද්‍රව්‍යය වගේම අඩු මිළ සැකසුම් ඒකක සහ Chip sets භාවිතා කරනවා. ඒ වගේම ඊයම් සහ තඹ වැඩි වශයෙන් භාවිතා වෙනවා. ඉතින් Snapdragon 400 series, 600 series, 700 series වගේම Mediatek MT65xx 67xx වගේම Mediatek P series එකත් මධ්‍යම ප්‍රමාණයේ එහෙමත් නැත්නම්
අඩු වියදම් Chipset කාන්ඩයට අයත් වෙනවා Snapdragon 800 series වගේම Mediatek X series එක වැඩි මිළ කාන්ඩයට අයත් වෙනවා.

ඉතින් මේ Smartphones බැලූ බැල්මට එක වගේ උනත් ඒවා අභ්‍යන්තරිකව වෙනස්. ඉතිං ඒ වෙනස speed එකට හැම අතින් ම බලපානවා.

Camera Pixel ප්‍රමාණය විශාල වුණත් Lens එක Image processor එක වගේම
මේ Camera වල Sensors වුණත් හොදම තත්වයේ ඒවා නොවන නිසා Picture quality එක ගොඩක් අඩුයි. ඒ වගේම මේ මිළ අඩු Smart Phones වල වගේම මධ්‍යම ප්‍රමාණයේ Smart ජංගම දුරකථනවල Storage එක වුණත් වේගයෙන් අඩුයි. ඒකට NAND Flash එකේ Quality එක වගේම මේ උපාංග එකිනෙකට සම්බන්ධ වෙන roots එහෙමත් නැතිනම් circuit path හදල තියෙන්නේ ඊයම් සහ තඹ වැඩි වශයෙන් භාවිතා කරලා නිසා Data travel කරන වේගයත් අඩුයි.

ඉතිං මේ ගැන තවත් විස්තර ඉදිරියෙදි කතා කරමු.