Slack Android app එකේ beta සංස්කරණය පිළිබඳව හා එහි ඇතුලත් වුණු පහසුකම් පිළිබඳව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Slack Android Beta හරහා අලුත් UI එකක් සහ gesture navigation වැනි අංග අත්හදාබැලීමට කටයුතු කරයි
Slack යනු teams අතර වැඩ කිරීම සඳහා ‍ලොව බොහෝ දෙනා භාවිතා කරනු ලබන best toolsවලින් එකක් වන අතර මේ වන විට Android මගින් Slack භාවිතා කරන පරිශීලකයින් හ‍ට වඩාත්හොද experience එකක් ලබා දීම සඳහා අලුත් පහසුකම් කිහිපයක් beta සංස්කරණයක් හරහාපරීක්ෂා කරමින් පවතින බව වාර්ථා වෙනවා. පසුගිය වසර කිහිපය පුරාවට S…

කොහොම වුණත් එම අවස්ථාව වන විට එහි iOS app එක පිළිබඳව තොරතුරු වාර්ථා නොවූ නමුත්, දැන් මේ අලුත් Slack iOS app එක නිළ වශයෙන් හඳුන්වාදීමටත් ප්‍රථමව Apple App Store එක හරහා නිකුත් කිරීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

‎Slack
Slack brings team communication and collaboration into one place so you can get more work done, whether you belong to a large enterprise or a small business. Check off your to-do list and move your projects forward by bringing the right people, conversations, tools, and information you need together…

Android app එකේ ඇතුලත් වන්නේ යැයි අපි මුලින් සඳහන් කළ gesture navigation එක මෙන්ම අලුත් UI එක මේ update එකට අන්තර්ගත වී තිබෙන බව ද දැනගන්නට ලැබෙනවා.

මේ අලුත් user interface එකට අමතරව දි ඇති පහසුකම් වලින් Bottom navigation bar එකත් options අතර මාරු වීමට swipe gesture navigation එකක් හඳුන්වාදීමත් පසුගිය දින වල බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා.

මේ update එක දැනටමත් App Store වෙත එකතු කර ඇති නමුත් ඔබටත් තවම මෙහි අලුත් update එක ලැබි නොමැති ඉදිරි දින කිහිපය ඇතුලත ලැබෙනු ඇති බව The Verge වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TheVerge වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක