GitHub Satellite event එක පසුගිය මැයි 6 වැනි දින පැරීසියේදී virtual event එකක් ලෙස පැවැත්වීමට කටයුතු යෙදුණු අතර මෙහිදී GutHub වලට අලුතින් එකතු වන බොහෝ දේ ගැන තොරතුරු අනාවරණය කරනු ලැබුවා.

Visual Studio Online code editor එක, එහෙමත් නැතිනම් Visual Studio CodeSpaces ගැන අපි මීට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති.

Visual Studio Online Code Editor එක දැන් Visual Studio CodeSpaces නම් වන අතර පැයට රු.15 දක්වා මිල අඩු කිරීමට කටයුතු කරයි
මීට වසරකට පමණ ඉහත දී Microsoft සමාගම විසින් Visual Studio Online සේවාව හඳුන්වාදෙන ලද අතර එය මූලික වශයෙන් ඔබගේ Web Browser එකේ හරහා භාවිතා කළ හැකි, hosted FullCode Editor එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙමගින් ඔබගේ project එකට අවශ්‍ය කිසිදි බාහිර සැකසීමක් නොමැතිව remote locationඑකක තිබෙන development…

ඔන්න දැන් මේ Codespaces පහසුකම, GitHub වලටත් අන්තර්ගත කිරීමට Microsoft සමාගම සූදානම් වී තිබෙනවා.

මේ අනුව developer වරුන් සඳහා හුදෙක් repository storage එකකින් එහා ගිය VS Code Editor එක සහිතව සම්පූර්ණ Cloud-hosted development environment එකක් GitHub හරහා ලබාදීමට කටයුතු කෙරෙනු ලැබෙනවා.

Github එක මෙහි සේවා සියල්ලම පාහේ සෘජුවම භාවිතයට ගන්නා අතර ඔබ මීට පෙර Codespaces නැතහොත් Visual Studio Code Online භාවිතා කල කෙනෙක් නම් ඔබට එහි වැඩි වෙනසක් නොපෙනෙනු නොඅනුමානයි.

"බොහෝ දෙනා හට Opensource Community ව්‍යාපෘති වලට සහය දීම අපහසු වීමට එක් හේතුවක් වන්නේ ඒ ඒ ව්‍යාපෘති එකිනෙකට වෙනස් dev environment වලට අනුව සකසා ඇති නිසා සහ code ඒක run කිරීමට පෙර ඔබට ඇති අති දීර්ඝ වූ උපදෙස් මාලාව අනුගමනය කිරීමට සිදුවීම නිසා විය හැකියි." - Github එකේ SVP වන Shanku Niyogi
"සමහර විට මෙවැනි projects දෙකක් එකිනෙක conflict වීම නිසා දෙකෙහිම වැඩ කර ගැනීමට නොහැකි වන නමුත් GitHub Codespaces විසින් මේ සියල්ලටම විසඳුමක් ලෙස full-featured cloud-hosted dev environment එකක් තත්පර ගණනකින් ලබා දෙනු ලබන අතර, එමගින් එතැනදීම ඔබට ව්‍යාපෘතියට පහසුවෙන් දායක වීමට හැකි වෙයි." - Github එකේ SVP වන Shanku Niyogi

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Codespaces වලට අය කරන මිල පැයට සහ පාවිච්චි කරන පරිගණකය අනුව වෙනස් වන නමුත් දැනට Github Codes Spaces බීටා තත්වයේ පසුවන අතර නොමිලයේ ලබාදෙනු ලබනවා.

මේ සමඟින් එක්වුනු තවත් විශේෂාංගයක් ලෙස GitHub Discussions හඳුන්වාදිය හැකි අතර මෙයද projects සඳහා අත්‍යවශ්‍ය අංගයක් වෙනවා.

Issues සහ Pull Requests මගින් මෙය මේ දක්වා සිදු වුණු නමුත්, ඒ අතරතුරදී එන ප්‍රශ්න හා පිලිතුරුද එයට එකතු වන නිසා එය තරමක් අපිළිවෙල ගතියක් දක්නට ලැබිණි.

මෙම කරුණු වලට විශේෂ තැනක් Discussion විශේෂාංගයෙන් ලබාදෙන බවද නිතර අසන ප්‍රශ්න (FAQ) ගොනු කිරීමට හොඳ තැනක් ලෙසද ඔවුන් පෙන්වා දෙන අතර දැනට මෙම පහසුකම open-source project සඳහා beta සංස්කරණයක් ලෙස ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මීට අමතරව security සඳහා ද තවත් අලුත් විශේෂාංග ද්විත්වයක් හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවා.

  1. Code Scanning
  2. Secret Scanning

Code Scanning මගින් ඔබේ ව්‍යාපෘතියේ තිබෙන අවධානම් තත්ව හඳුනා ගැනීම සිදු කරන අතර එය බලගැන්වෙන්නේ CodeQL මගිනි. මෙය open-source ව්‍යාපෘති සඳහා නොමිලයේ සැපයෙන බවද කියයි.

Secret Scanning විශේෂාංගය පෞද්ගලික repositories සඳහා දැන් ලැබී ඇති අතර මෙමගින් සිදුවනුයේ Codes වලඇති ප්‍රසිද්ධ නොකළ යුතු කේත ඔබ පෙනෙන්නට තබා ඇති නම් ඒවා සොයා දීමයි. (මෙයට සමාන විශේෂාංගයක් පොදු repositories සඳහා 2018 දී හඳුන්වා තිබුණි). මෙම විශේෂාංග දෙකම GitHub Advanced Security පහසුකමෙහි අංග වෙයි.

එමෙන්ම GitHub Enterprise පාරිභෝගිකයන්ට විශේෂ වූ Private Instance සෑදීමේ හැකියාවක්ද එළිදැක්වුණු අතර මේ හරහා Cloud එක තුළ, fully managed, නමුත් isolated< එනම් පූර්ණ හුදකලා වූ instances නිර්මාණය කරගැනීමේ හැකියාව ලැබෙනවා.

මේවා bring-your-own-key encryption මගින් encrypt කරනු ලැබෙන අතර, backup සං‍රක්ශිත කිරීම් වැනි ප්‍රතිපත්ති සහ නීති වලට යටත්ව වැඩි දියුණු කරනු ලැබෙන නිසාවෙන් ඉතාමත් ආරක්ෂා සහිත වේ.

Beta ලියාපදිංචියට මෙම GitHub වෙබ් අඩවිය ද වැඩිදුර විස්තර සඳහා Tech Crunch වෙබ් අඩවිය ද භාවිතා කල හැක.