Microsoft PowerPoint කියල කියන්නෙ විවිධ වර්ගයේ presentation හදාගන්න භාවිතා කරන්න පුලුවන් ඉතාමත් ජනප්‍රිය Software එකක්.

ඉතින් මේ Software එකේ presentation සෑදීමට අවශ්‍යය ඉතා වැදගත් අංග රාශියක් දැකගන්න පුලුවන් වගේම මේ වන විට මේ ගැන දන්නේ නැති කෙනෙක් හොයාගන්නත් බැරි තරම්.

අදට යෙදී ඇති ලෝක අබාධිත පුද්ලයන් සඳහා වන දිනය වෙනුවෙන් Microsoft සමාගම මේ Microsoft PowerPoint වලට එකතු කිරීමට නියමිත නව අංගයක් ගැන විස්තර හෙළි කළ අතර සමාජයේ සිටින්නා වූ ශ්‍රව්‍යාබාධිත, එහෙමත් නැතිනම් බිහිරි පුද්ගලයන් හට මෙය මහත් උපකාරයක් වනු ඇති බව ඔවුන් පවසා සිටිනවා.

ඉතින් මේ පහසුකම තමයි real-time captions and subtitles පහසුකම. මේ හර‍හා අපේ කටහඩ හඳුනාගෙන එය Text එකක් බවට Convert කරලා Presentation එකේ Real Time පෙන්වන්න PowerPoint වලට හැකියාව ලැබෙනවා. ඒ වගේම අවශ්‍යය නම් එම අවස්ථාවෙදීම මේ captions වෙනත් භාෂාවකට translate කර පෙන්වන්නත් මේ හරහා පහසුකම් ලබා දී තිබෙනවා.

ඒ වගේම මේ Live captions and subtitles පහසුකම භාෂා 12 කින් පමණ ලබාගත හැකි අතරම භාෂා 60 පමණ දර්ශනය කිරිමට පහසුකම් සළසන බව ඔවුන් කියා සිටිනවා.

ඉතින් මේ ‍සේවාව පණගැන්වෙන්නේ Microsoft සමාගමේ artificial intelligence වැඩසටහන් ‍භාවිතයෙන් වන අතර මෙලෙස පෙන්වන Subtitle වල පෙනුම වෙනස්කම් කර ගැනීමට පරිශීලකයාට අවස්ථාව ලැබෙනවා.

ඉතින් මේ පහසුකම ලබන වසරේදී හදුන්වාදිමට නියමිත අතර Microsoft 365 සේවාව හා නුදුරේදීම දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, නිළ Microsoft Blog එක සහ digitaltrends වෙබ් අඩවිය භාවිතා කළ හැක.