Samsung සමාගම විසින් මෙතෙක් නිකුත් කරන ලද සෑම නව ජංගම දුරකථනයක් සමගින්ම charger එකද ඇතුළුව උපාංගයට අදාළ සියලුම accessories ලබාදීමට කටයුතු කරනු ලැබුව ද නවතම කොරියානු වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ ඔවුන් විසින් එම තීරණය වෙනස් කිරීමට සූදානමින් සිටින බවයි.

ඒ අනුව නුදුරේදීම, ඔවුන්ගේ නව Samsung ජංගම දුරකථන සමඟ charger එකක් ලබා නොදීමට Samsung සමාගම තීරණය කර ඇති බව වාර්ථා වන අතර මෙය ඔවුන්ගේ නිෂ්පාදන වල පිරිවැය විශාල ලෙස අඩු කිරීමට හේතු වනු ඇති බවත්, ඊට සමාන්තර ව එම උපාංග වල මිල අඩු කරගැනීමටද මෙමඟින් හැකියාව ලැබෙන බවත් වාර්ථා වෙනවා.

Apple සමාගමද මේ හා සමාන තීරණයක් සිය මීළඟ iPhone 12 line up එක සම්බන්ධයෙන් ගෙන ඇති බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

iPhone 12 ජංගම දුරකථනය සමඟින් Charger එක සහ Earbuds ලබා නොදෙන අතර 20W charger එක වෙනම මිලදීගැනීමට සිදුවන ලකුණු
මෙම වසරේ නිකුත් වීමට නියමිත iPhone 12 මාදිලි සමඟින් EarPods හෝ power adapter එකනොමිලයේ ලබා නොදීමට Apple සමාගම සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා. MacRummors[https://www.macrumors.com/2020/06/28/kuo-no-charger-in-iphone-12-box/], TheVerge[https://www.theverge.com/2020/6/28/21306499/2020-iphones-no-power-adapter-earpods-new-ipads-20w-charger…

Samsung සමාගම ද ඒ හා සමාන තීරණයක් ගැනීමට සූදානමින් සිටින අතර ඔවුන් විසින් ද තෝරාගත් ජංගම දුරකථන මාදිලි සඳහා පමණක්, මෙම තීරණය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් වාර්ථා වෙනවා.

මේ වන විටත් Xiaomi වැනි සමාගම් සිය සමහර ජංගම දුරකථන සමඟින් earphone එකක් ලබා නොදෙන අතර, earphone එකක් මෙන් නොව, charger එක යනු ඡංගම දුරකථනයකට අත්‍යවශ්‍යම දෙයක් වනවා.

වසර ගණනාවකට පෙර Nokia සමාගම විසින් නිෂ්පාදනය කළ charger එකක් Samsung ජංගම දුරකථනයකට භාවිතා කළ නොහැකි වූ අතර විවිධ නිෂ්පාදකයින් තම තමන්ට ආවේණික charging ports භාවිතා කිරීමට කටයුතු කරනු ලැබුවා.

නමුත් වර්තමානයේදී අලුතෙන් නිකුත් වන සියලුම Android ජංගම දුරකථන වල පාහේ තිබෙන්නේ USB Type-C charging port එක වන අතර charging cable එකද adaptor එකෙන් වෙන්කල හැකි ලෙස නිපදවා තිබෙනවා.

මේ නිසා අතීතයේ මෙන් නොව වර්ථමානයේදී ඕනෑම නිෂ්පාදකයෙකු විසින් නිෂ්පාදනය කරන ලද charger එකක් ආසන්න වශයෙන් වෙනත් ඕනෑම Android ජංගම දුරකථනක් charge කරගැනීම සඳහා භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

මේ නිසා Lightning port එක භාවිතා කරන Apple පාරිභෝගිකයින් මුහුණ දෙන තරමේ විශාල අර්බුධයකට Android පරිශීලකයින් මුහුණ නොදෙනු ඇති නමුත් සිය දුරකථනයට වෙනත් සමාගමක charger එකක් භාවිතා කිරීමට අකමැති පාරිභෝගිකයන් හට අතිරේක මුදලක් ගෙවා, නව චාජරයක් මිළදී ගැනීමට සිදුවනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Sammobile වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.