Samsung සමාගමේ මීළග flagship ජංගම දුරකථනය වන Galaxy Note 10 ජංගම දුරකථනය අගෝස්තු 7 වැනි දින එළිදැක්වීමට නියමිත බව Samsung ආයතනය ප්‍රකාශ කරනවා.

මේ පිළිබඳව Teaser වීඩියෝවක් සහ ඇරයුම්පත් යවමින් ඔහුන් පවසන්නේ NewYork නගරයේ Barclays Center හිදී සවස 4 සිට මෙම event එක පැවැත්වීමට නියමිත බවයි.

මේ Galaxy Unpacked event එක අතරතුර devices 4ක් නිකුත් කිරීමට නියමිත වන අතර ඒවා නම්,

  • Galaxy Note 10
  • Galaxy Note 10+
  • Galaxy Note 10 5G
  • Galaxy Note 10 5G+

දැනට අන්තර්ජාලයට නිකුත්ව ඇති තහවුරු නොකරන ලද ඡායාරූප සහ තොරතුරු අනුව Note 10 සතුව අඟල් 6.3 ක Dynamic AMOLED display එකක්, ප්‍රධාන කාචයට සම්බන්ධිත triple aperture system එකක් සහිත වන පිටුපස කැමරා 3ක් සහ තිරය මැද පිහිටුවන ලද ඉදිරිපස කැමරාවකින් සමන්විතයි.

එමෙන්ම 3.5mm headphone jack එකක් සහ MicroSD card භාවිතා කිරීමේ පහසුමක ඇතුලත් නොවන නමුත් 25W වේගවත් බැටරි ආරෝපණ හැකියාවෙන් සන්නද්ධ බව දැනගන්නට ලැබෙනවා.

Note 10+ සතුව අඟල් 6.7 ක Dynamic AMOLED display එකක් පවතින අතර Note 10 හි ඇති කැමරා පද්ධතියම ඇති නමුත් Note 10 හි නොමැති Time of Flight sensor එකක් Note 10+ වෙත ඇතුලත් කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

මෙහි මිළ ගණන් පිළිබඳව තොරතුරු වාර්තා නොවන නමුත් මෑතදී නිකුත් වූ S10 දුරකථන පෙළේ මිල අත්දැකීම් අනුව Note 10 හි මිළ ගණන් ද ඩොලර් 1,000 ඉක්මවනු හෝ ඊට ආසන්නව වනු ඇති බව විශ්වාස කෙරෙනවා.

එමෙන්ම මෙම event එක අතරතුරදී Note 10 දුරකථන පෙලට අමතරව අලුත් accessories, tablets, සහ smart watches එළිදැක්විමට ද නියමිත වන බව  තොරතුරු වාර්තා වන අතර 15W wireless charger එකක්ද මිට ඇතුලත්‍ වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.