Tesla විද්‍යුත් මෝටර් රථ සමාගම විසින් හඳුන්වා දෙන ලද Cybertruck එක පිළිබඳව අපි මීට පෙර ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

විදුලියෙන් ක්‍රියාත්මක වන මෙය, Tesla සමාගමේ පළමු Truck රථය වෙන අතර එහි තිබූ අනාගතවාදී design එක නිසා ලෝකය පුරාම ඉතා ඉක්මනින් කතාබහට ලක්වූ වාහනයක් බවට පත්වුණා.

Tesla Cybertruck එක වෙනුවෙන් දැනටමත් preorders 200,000ක් ලැබී තිබෙන බව Elon Musk ප්‍රකාශ කරයි
Tesla සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම මෝටර් රථය වන Teslta cybertruck එක[https://www.tesla.com/cybertruck/] එළිදැක්වීමට පසුගියදා කටයුතු කරනු ලැබූ අතර එයලොව පුරා බොහෝ දෙනාගේ අවධානයට යොමු වූයේ අදාල එළිදැක්වීම අතරතුර සිදු වූ වීදුරුබිඳීයාමක් නිසාවෙනි. කොහොම වුණත් මේ වන විට රටවල් ගණනාවක් පුරාවට 200,000කට …

ඔන්න දැන්, මෙම ට්‍රක් රථය සඳහා camera sensor නිපදවීම වෙනුවෙන් Tesla සමාගම විසින් ඩොලර් මිලියන 436 ක ගනුදෙනුවක් සඳහා Samsung සමාගම සමගින් ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

Samsung සමාගම විසින් පසුගියදා සිය නවතම Automotive application සඳහා සහාය දක්වන ISOCELL Auto 4AC image sensor එක හඳුන්වා දුන් අතර එය Samsung සමාගම විසින් වාහන සඳහා විශේෂයෙන් නිර්මාණය කළ පළමුවැනි image sensor එක බව ද වාර්තා වෙනවා.

(1280 x 960) තරම් විභේදනයකින් යුක්ත මෙම image sensor එක 120-decibel (dB) දක්වා වන high dynamic range (HDR) එකක් සඳහා සහාය දක්වන අතරම LED flicker mitigation ක්‍රමයක් ද හදුන්වාදීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.

මේ වන විට බොහෝ මෝටර් රථ වල සාම්ප්‍රදායික headlamps වෙනුවට LED headlamps සවි කර ඇති බැවින්, මේ LED flicker mitigation ක්‍රමය ඉතාමත් වැදගත් වන බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම ISOCELL Auto 4AC image sensor එකෙහි Samsung සමාගම සතු CornerPixel තාක්ෂණය ඇතුලත් වෙන අතර මෙහි ඇති 3.0 µm pixel එක හරහා ඉතාමත් අඳුරු අවස්ථා වලදී පැහැදිලි දර්ශන ලබාදෙන අතර, ක්ෂණිකව සිදුවන ආලෝකය වැඩි වීමකදී අදාල pixel එකේ කොනකින් ඇති 1.0 µm pixel හරහා අඩු ආලෝක ප්‍රමාණයක් ලබාගනිමින් නොනවත්වාම පැහැදිලි දර්ශන ලබාදීමට මෙම image sensor එකට හැකියාව තිබෙනවා.

බොහෝ විට උමඟක් වැනි අඳුරු ප්‍රදේශයක් පසුකර ඉන් පිටතට පැමිණි විට එක් වරම සිදුවන ආලෝක ප්‍රමාණයේ වෙනස් වීම අනුගත වීම සඳහා සාම්ප්‍රදායික image sensor වලට යම් කාලයක් ගත වන නමුත්, මෙහි ඇති CornerPixel තාක්ෂණය හරහා එයට විසඳුමක් ලබාදීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.

ඉතින් බොහෝ දෙනා අනුමාන කරන පරිදි, Samsung හා Tesla අතර ඇතිවෙන මෙම නව ගනුදෙනුව ඔස්සෙ මෙම කැමරා Sensor, ඉදිරියේදී නිකුත් වීමට නියමිත Tesla cybertruck වෙත ලබාදීම හෝ ඉදිරියේදී නිකුත්වීමට නියමිත Tesla හි වෙනත් Electric vehicle සඳහා හෝ සැපයීම සිදු කරනු ඇති.

එමෙන්ම ඉදිරියේදී Tesla සමාගම විසින් නිකුත් කිරීමට නියමිත electric vehicle වලට අවශ්‍ය Headlamps සඳහා Samsung සමාගම සතු PixCell LED headlamps නම් වර්ගය Tesla සමාගම වෙත ලබාදීමට ද කටයුතු කරනු ඇති බව අනුමාන කෙරෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung Newsroom වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.