Samsung සමාගමේ Galaxy S series එකේ මීළඟ ජංගම දුරකථනය වන Galaxy S21 මාදිලි පිළිබඳව බොහෝ විස්තර මේ වන විටත් අන්තර්ජාලය පුරාවට දැකගත හැකි වන අතර, මේ වන විට එහි නිළ එළිදැක්වීමේ event එක නිවේදනය කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අනුව මීළඟ ජනවාරි 14 වැනි දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8:30ට Galaxy Unpacked event එක පැවැත්වීමට නියමිත අතර මෙහි tagline එක  “Welcome to the Everyday Epic.” ලෙස සටහන් කර තිබෙනවා.

මෙම event එක අතරතුරදී S21, S21 Plus සහ S21 Ultra යනුවෙන් මාදිලි ත්‍රිත්වයක් නිකුත් කරනු ඇති බව අනුමාන කෙරෙන අතර මේ සමඟින් S series එකේ ජංගම දුරකථන සඳහා S-Pen සහායද ලබාදෙන පළමු අවස්ථාව ද මෙය වෙනවා.

එමෙන්ම Apple සමාගම අනුගමනය කරමින් Galaxy S21 මාදිලි සමඟ charger එකක් සහ earphones ලබා නොදීමට ද, USB-C cable එකක් පමණක් ලබාදීමට ද Samsung සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මීට අමතරව Galaxy Buds Pro නමින් හැඳින්වෙන true wireless earbuds යුගලයක් ද නිකුත් කිරීමට Samsung සමාගම කටයුතු කරනු ඇති බව XDA-Developers වෙබ් අඩවිය විසින් අනුමාන කරනු ලබන අතර එය බොහෝ විට මිලෙන් වැඩි accessory එකක් වනු ඇති බව ද අනුමාන කෙරෙනවා.


මෙම event එක නිළ Samsung වෙබ් අඩවිය හරහා මෙන්ම නිළ Samsung YouTube channel එක හරහා, 2021 ජනවාරි 14 වැනි දින රාත්‍රී 8ට සජීවීව නැරඹිය හැක.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Softpedia වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.