Galaxy Note, එහෙම නැතිනම් Android mobile phone industry එකේ Big boy සම්පූර්ණයෙන්ම mobile phone industry එකෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ.

ඉතින් ලොව පුරා සිටින Samsung Note පරිශීලකයන්ට බොහොම කණගාටුදායක පුවතක් වුණත්, මේ පුවත සත්‍යයක් බව මේ වෙනකොට තහවුරු වෙලයි තියෙන්නේ.

2022 වසර සඳහා Samsung සමාගමේ වාර්ෂික Smartphone නිශ්පාදන සැලැස්මෙන් Galaxy Note දුරකථනය ඉවත් කර ඇති බව කොරියානු වෙබ් අඩවියක් වන etnews උපුටා දක්වමින් බොහෝ ජාත්‍යන්තර වෙබ් අඩවි වාර්තා කර තිබුණා.

삼성 ‘갤럭시노트’ 완전 철수
삼성전자가 올해를 마지막으로 갤럭시노트 시리즈 생산을 중단한다. 2022년 연간 스마트폰 생산계획에서 갤럭시노트 시리즈를 제외한 것으로 확인됐다. 신제품 미출시에 이어 판매를 지속해 온 기존 모델까지 완전...
Etnews (කොරියන් භාශාවෙන්)

ආසන්නතම හේතුව

Galaxy note එකට මේ විදිහට හිටි ගමන්ම mobile phone industry එකෙන් සමුගන්න සිද්ධවෙලා තියෙන්නේ Samsung සමාගම අලුතෙන්ම ඔවුන්ගේ foldable smartphone line-up එක වෙත සම්පූර්ණ අවධානය යොමුකරන්න තීරණය කිරීමත් එක්කයි.

වාර්තා වෙන ආකාරයට 2022 වසර අවසන් වෙන කොට Samsung සමාගම ඔවුන්ගේ foldable line up වෙන Z Fold හා Z flip වලින් දුරකථන ඒකක මිලියන 13 ක් අලෙවි කරන්නයි සැලසුම වෙන්නේ.

ඉතිං මේ ඉලක්කම 2019 දී නිකුත් කල Note 10 series එකෙන් අලෙවි කල දුරකථන ඒකක මිලියන 12.7 ට හා 2020 දී නිකුත් කළ Note 20 series එකෙන් අලෙවි කල දුරකථන ඒකක මිලියන 9.7 ට යන දෙකටම වඩා වැඩි බව ඔබට පෙනෙනවා ඇති.

මේ නිසා කොරියානු මාධ්‍ය පවා වාර්තා කරන්නේ මෙතෙක් Galaxy Note වෙත හිමිවෙලා තිබුණු වෙළඳ අවකාශය Folding device වලට ලබා දෙන්නට Samsung සමාගම තීරණය කරලා තියෙන බවයි.

ඔබට මතක ඇති schedule එකේ හැටියට මේ වසරේ සැප්තැම්බර් වෙද්දි Galaxy Note 21 එක නිකුත් විය යුතු වුවත්, Samsung සමාගම එයද අතහැර දැමූ බව.

S22 කියන්නෙ තවත් Note phone එකක්ද?

බොහෝ දෙනෙක මතු කරන තර්කය තමයි ඇත්තටම මෙතැනදී නවත්තල තියෙන්නේ S series එක මිසක් Note series එක නෙවෙයි කියන එක.

ඒකට ලොකුම හේතුව විදිහට බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ අලුතෙන් එන්න නියමිත S22 Ultra දුරකථනය සම්පූර්ණයෙන්ම Note phone එකක design එක, එහෙම නැතිනම් camera setup එක විතරක් චුට්ටක් වෙනස් වුණ Note 20 Ultra එකක් බවට පමණක් පත්වී තිබීම.

ඔබට මතක ඇති පසුගිය වසරේ නිකුත් කළ S21 ultra දුරකථනයට S Pen slot එකක් නැති වුණත්, S Pen සඳහා සහාය දැක්වූවා.

නමුත් මෙවර S22 Ultra වෙත S Pen slot එකක් ඇතුළත් වෙන අතර, මේ නිසා මෙතනදී ඇත්තටම වෙලා තියෙන්නේ S series එක නැවතිලා, ඒ වෙනුවට Note series එක, S series විදිහට Re-brand වීමක් පමණයි කියන එක තමයි බොහෝ විශ්ලේෂකයින්ගේ මතය වෙන්නේ.

සමහරවිට S22 line-up එක, Note සහ S කියන series දෙකේ design වල සංකලනයක් විදිහට එන්න ඉඩ තියෙනවා. මොකද දැනට leak වෙලා තියෙන්නෙ S22 Ultra phone එකේ renders මිසක් සාමාන්‍ය S22 සහ S22 Plus ඒවගේ නෙවෙයි.

සමහරවිට S22 සහ S22 plus සමාන්‍ය S series වල design වලිනුත්, S22 Ultra එක Note series එකේ design එකෙනුත් එන්න විශාල ඉඩක් තියෙනවා.

දැනට තියෙන Note වලට Updates එයිද?

මේ පිළිබඳව කිසිදු සැකයක් නැහැ. Samsung සමාගම 2019 වසරේ සිට හඳුන්වාදුන් නවතම software update schedule එකේ හැටියට, Note 10,Note plus වෙත අවසාන Android OS update එක ලෙස Android 12 සමඟ OneUI 4 ලැබෙන අතර, තවත් අමතර වසරක් සඳහා security patch update ලැබීමට නියමිතයි.

ඒ වගේම Note 20/Note 20 Ultra මාදිලි වලට Android 12 සහ Android 13 ලැබීමට නියමිත අතර 2023-24 දක්වාම security patch update ලැබේවි.

මේ නිසා ඔබ සතුව දැනටත් Note line-up එකේ දුරකථනයක් තිබෙනවා නම්, software update පිළිබඳව කරදර විය යුතු නැහැ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ 9to5gogle වෙබ් අඩවිය භාවිතා කළ හැක.