පසුගිය දෙසැම්බර් මාසයේදී Android 10 update එක ලැබීමට නියමිත Samsung ජංගම දුරකථන ලැයිස්තුව ගැන අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Android 10 Update එක ලැබීමට නියමිත Samsung දුරකථන මාදිලි පිළිබඳව තොරතුරු නිකුත් වෙයි
Google සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android 10සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීම[/android-10-officially-released-for-google-pixel-essential-and-xiaomi-phones/] සහ අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදකයන් එම සංස්කරණය විටින් විට තමන්ගේ ජංගම දුරකථන වලටලබාදීමට කටයුතු කළ බව අපි ඔබව …

2018 ම‍ාර්තු මාස‍ය‍ේදී නිකුත් වු Samsung Galaxy S9 හ‍ා S9+ Phone සදහා Android 10 සංස්කරණය ලබා දිමට Samsung සමාගම මේ වන විට කටයුතු අරම්භ කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ Galaxy S9 සහ S9+ ජංගම දුරකථන මුලින්ම Android Oreo සමඟින් නිකුත් කිරීමට කටයුතු කළ අතර 2019 වර්ෂයේදී Android Pie update එක ලබාදීමට කටයුතු කළා.

දැන් Android 10 සංස්කරණය ලබාදීමත් සමඟින් ප්‍රධාන Android versions ත්‍රිත්වයක් භාවිතා කිරීමට මේ ජංගම දුරකථන හිමියන් හට මේ වන විට අවස්ථාව ලැබී තිබෙනවා.

මේ ජංගම දුරකථන ද්විත්වයේ international මාදිලියට Samsung සමාගම විසින් සෘජුවම Android 10 update එක නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර වෙනත් සේවා සපයන්නන් හරහා අලෙවි කරනු ලැබූ ජංගම දුරකථන වලට ඉදිරි සති කිහිපය ඇතුලත මේ update එක ලැබෙනු ඇති බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ අනුව Galaxy S10, S10 Plus, Note 10, Note 10 Plus, Note 9 යන ජංගම දුරකථන වලට මේ වන විටත් Android 10 update එක ලබාදීමට කටයුතු කර ඇති අතර Galaxy Fold ජංගම දුරකථනය පමණක් තවමත් ඔවුන්ගේ flagship devices list එකේ ඉතිරිව පවතිනවා.

ඒ සඳහා ද මීළඟ අප්‍රේල් මාසය වන විට මේ Android 10 update එක ලබාදීමට ඔවුන් සූදානමින් සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Sammobile වෙබ් අඩවිය භාවිතා කළ හැක.