LastPass යනු මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකු අතර ඉතාමත් ජනප්‍රිය සේවාවක් වන අතර මෙහි ජනප්‍රියත්වයට එක් හේතුවක් ලෙස සෑම platform එකකටම පාහේ මීට අදාල app එකක් පැවතීම පෙන්වා දිය හැකි වෙනවා.

#1 Password Manager & Vault App, Enterprise SSO & MFA | LastPass
#1 Password Manager & Vault App, Enterprise SSO & MFA | LastPass

කොහොම නමුත් මේ වන විට ‍Mac පරිගණක සඳහා ලබාදී තිබුණු native app එක නතර කිරීමට LastPass ආයතනය තීරණය කර ඇති අතර මේ වෙනුවට web-based app එකක් හඳුන්වාදීමට කටයුතු ‍කරනු ලබනවා.

මීට ප්‍රධානතම හේතුව ලෙස මොවුන් පෙන්වා දෙන්නේ 2018 වර්ෂයේදී Apple සමාගම විසින් Safari Browser එකේ extension වලට හඳුන්වා දුන් වෙනස්කම් බවයි.

macOS සහ iOS පරිශීලකයන් හට Safari 13 සංස්කරණය නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කරයි
මේ​ වන විට macOS සහ iOS පරිශීලකයන් හට ලබා දී තිබූ Safari web browser එකේ නවතමයාවත්කාලින කිරීම වන version 13.0 නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. ‍මේ අලුත් සංස්කරණය හරහා mobile devices, එනම් iOS සහ iPadOS මගින් බළගැන්වෙනdevices සඳහා desktop grade, එනම් mac පරිගණකයකදී Safari හරහා සිදු කළ …

Safari 13 වැනි සංස්කරණයත් සමඟින් පැරණි Extension වලට සහාය දැක්වීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට Apple සමාගම කටයුතු කළ අතර මේ LastPass app එක අලුත් Safari App Extension API එකට අනුව නිර්මාණය කරනු වෙනුවට වැඩිදියුණු කළ web app එකක් ඒ සඳහා ලබාදීමට මොවුන් තීරණය කර තිබෙනවා.

එමෙන්ම මේ පැරණි සංස්කරණයට කැමැත්තක් දක්වන පරිශීලකයන් හට තවදුරටත් එම සංස්කරණය භාවිතා කිරීමේ හැකියාව ලැබෙන නමුත්, 2020 වර්ෂයේ පෙබරවාරි 29 වැනි දින සිට ඒ සඳහා support එක ලබාදීම හෝ updates ලබාදීම සිදු නොකරන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, 9to5mac වෙබ් අඩවිය හා LastPass වෙබ් අඩවිය භාවිතා කළ හැක.