Samsung සමාගමේ මීළඟ Unpacked Event එක පෙබරවාරි 11 පැවැත්වෙන බව අපි ඔබව දැනුවත් කලා මතක ඇති.
මේ event එක අතරතුරදී බොහෝ විට Samsung සමාගම විසින් foldable device එකක් නිකුත් කරනු ඇති බව බොහෝ දෙනා බළාපොරොත්තුවෙන් සිටින බව මේ වන විට නොරහසක්.
නම්‍යශීලී දුරකථන පරම්පරාවේ පළමුවැන්න Galaxy Fold ලෙස හැඳින්වූ නිසා බොහෝ දෙනෙකු සිතුවේ එහි මීළඟ පරම්පරාව Galaxy Fold 2 ලෙස නිකුත්වනු ඇති බව වුවත් වාර්තා වන පරිදි එය නිකුත් වන නාමය වන්නේ Galaxy Bloom යන්නයි.
මෙය සනාථ කිරීම සඳහා මේ පිළිබඳව තොරතුරු කතාබහ කෙරෙන රහසිගත රැස්වීමට සහභාගී වූ අයෙකු හදිසියෙන් ගනු ලැබූ නොපැහැදිලි චායාරූපක් අන්තර්ජාලයට නිකුත් කොට තිබුනා.
මොවුන් විසින් මෙම නිෂ්පාදනය වයස විසි ගණන් වල පසුවන කාන්තාවන් ඉලක්ක කොට ප්‍රචාරණය සිදු කිරීමට සැලසුම් කර ඇති බව වාර්ථා වන අතර එය makeup kit එකක ප්‍රමාණයට සරිලන ලෙස නිර්මාණය කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.
Galaxy Fold මෙන් සිරස් අතට නොව හරස් අතට නැවිය හැකි ආකාරයට මෙය නිමවා තිබෙනවා. මෙය මීට පෙර අපි ඔබ වෙත තොරතුරු ගෙන ආ Motorola Razer නම්‍යශීලී දුරකථනය හැඩය සිහිගන්වනවා.
Galaxy Bloom 8K වීඩියෝ Recording සඳහා සහාය දක්වන අතර 8K සඳහා සහාය දක්වන පළමු ජංගම දුරකථනය ද මෙය වනු ඇති. එමෙන්ම Galaxy Bloom 4G සහ 5G වශයෙන් මාදිලි ද්විත්වයකින් ද නිකුත් වනු ඇති බව වාර්ථා වෙනවා.
මීට අමතරව, මීට පෙර අපි ඔබව දැනුවත් කල පරිදිම Samsung සෑම වසරකම ආරම්භයේදී නිකුත් කරන ප්‍රධාන Galaxy S මාදිලියේ මීළඟ සංස්කරණය අනිවාර්යයෙන්ම S11 නොවන බව මෙම රැස්වීමේදී තහවුරු වී ඇති අතර පෙබරවාරි 11 දින නිකුත් කරන S මාදිලියේ මීළඟ සංස්කරණයන් S20, S20+ සහ S20 Ultra ලෙස හැඳින්වේ.
එමෙන්ම S20 Ultra සතුව 108mp පිටුපස ප්‍රධාන කැමරාවක් හා 100x Zooming හැකියාවක්ද ඇතුලත් වනු ඇති අතර මෙම මාදිලි තුනම 8K වීඩියෝ Recording සඳහා ද සහය දක්වනු ඇති.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.