Smart ජංගම දුරකථන හා Under Display Camera තාක්ෂණය පිළිබඳව අප මීට පෙර ලිපි කීපයකින්ම ඔබව දැනුවත් කිරීමට කටයුතු කළ අතර ලොව පලමු Under Screen selfie කැමරාව සහිත ZTE Axon දුරකථනය පිළිබඳව ද TechNews.LK පාඨක ඔබට අමතක නැතැයි අප සිතනවා.

ලොව පළමු Under Display Camera තාක්ෂණය සහිත ජංගම දුරකථනය සැප්තැම්බර් 1 වැනි දින එළිදැක්වීමට ZTE සමාගම සූදානම් වෙයි
Under Display Camera තාක්ෂණය හා එය වැඩිදියුණු වන ආකාරය මෙන්ම Xiaomi[/xiaomi-under-screen-camera-patent/], Oppo[/oppo-unveils-the-worlds-first-under-screen-selfie-camera/], Samsung[/samsung-phone-with-under-display-camera-coming-next-year/] සහ Visionox[/in-display-selfie-camera-solution-is-now-in…

කොහොම වුණත් තවමත් වෙනත් කිසිදු ජංගම දුරකතන නිශ්පාදකයෙකු මෙම තාක්ෂණය සහිත උපාංගයක් එළිදැක්වීමට කටයුතු නොකර ඇති පසුබිමක් තුළ, ලොව පළමු Under Screen කැමරාවක් සහිත Laptop එකක් එළිදැක්වීමට Samsung සමාගම පසුගියදා කටයුතු කළා.

Blade Bezel ලෙස නම් කර තිබුණු මෙම Laptop මාදිලිය, CES-2021 ප්‍රදර්ශනයේදී එලිදැක්වීමට Samsung සමාගම කටයුතු කල අතර, මෙම Laptop එකේ ඇති තුනී තිරය මේ වන විට තාක්ෂණික ලෝකය පුරාවට නව කතාබහක් ඇති කරවීමට සමත් වී තිබෙනවා.

මෙම Laptop එකේ ඇති OLED තිරය සම්පූර්ණයෙන්ම Bezel Less Display එකක් වෙන අතර, සාම්ප්‍රදායික Laptop වල ඇති Display panel එක 2.1mm ක වත් අඩුම ඝනකමකින් යුතු වුවත්, මෙම Panel එක 1mm තරම් ප්‍රමාණයට, ඉතාම සිහින්ව නිර්මාණය කර තිබෙනවා.

එමෙන්ම සාම්ප්‍රදායික Laptop තිරයක් අඩුම 180g ක් වත් බර වන නමුත්, මෙම OLED Panel එක බර 130g ක් පමණක් වෙන අතර, මෙම Edge-to-Edge තිරය නිසා Screen to Body ratio අගය ද 85% සිට 93% ක් දක්වා වැඩි වීමද කැපී පෙනෙන කරුණක් වෙනවා.

එමෙන්ම සාම්ප්‍රදායික Laptop වලට වඩා ඝනකමින් අඩු ලෙස නිර්මාණය කර තිබූ මෙම Blade Bezel Laptop එක දැනට වෙළඳපොලේ තිබෙන Apple MacBook Air මාදිලියටත් වඩා ඝනකමින් අඩු බව පැවසෙනවා.

මෙම Balde Bezel මාදිලිය අඟල් 13, 14 හා 16 ලෙස මාදිලි කිහිපයක්ම නිකුත් කරනු ඇති බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබූ අතර, කෙසේ වුවත් Samsung සමාගම විසින් CES-2021 ප්‍රදර්ශනයයේදී එම කාලරාමු ප්‍රකාශයට පත් නොකළ බවත් මෙහිදී සඳහන් කල යුතු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ 9to5Toys වෙබ් අඩවිය භාවිතා කළ හැක.