Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy Fold device එක එළිදැක්වීමට කටයුතු කළ බවත්, එහි stress testing කරන ආකාරය ලොවට පෙන්වීමට කටයුතු කළ බවත් අපි ඔබව මීට කලින් දැනුවත් කළා මතක ඇති.
එමෙන්ම මේ වන විට Samsung සමාගම විසින් මේ Galaxy fold ජංගම දුරකථන ලොව පුරා Gadget review කරන්නන් හට ලබා දීමට කටයුතු කර ඇති අතර, ඒ අතරින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන අන්දමට මෙහි පවතින නම්‍යශීලී Screen එක දිනයක් වැනි සුළු කාලයකදී damage වූ බව වාර්ථා වෙනවා.
After one day of use... pic.twitter.com/VjDlJI45C9
— Steve Kovach (@stevekovach) April 17, 2019
මේ Galaxy Fold ජංගම දුරකථනයක මිළ ඇමෙරිකානු ඩොලර් 1,980ක් පමණ වන අතර මෙවන් අති විශාල මුදලක් ගෙවීමෙන් අනතුරුව දිනයකින් පමණ මේ ආකාරයේ හානි වීමක් දැකගැනීමට ලැබීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් වන බව ඔබට පැහැදිලි වෙනවා ඇති.
PSA: There's a layer that appears to be a screen protector on the Galaxy Fold's display. It's NOT a screen protector. Do NOT remove it.
— Marques Brownlee (@MKBHD) April 17, 2019
I got this far peeling it off before the display spazzed and blacked out. Started over with a replacement. pic.twitter.com/ZhEG2Bqulr
මේ Review කරන්නන් අතරින් බොහෝ දෙනෙකු විසින් Samsung සමාගම විසින් එම device එකේ සඳහන් කර තිබූ Note එකක් කියවා නොමැති කමින් මෙයට මුහුණදීමට සිදුව තිබෙන බව මේ වන විට දැකගන්නට ලැබෙනවා.
Dear future #GalaxyFold owners, I know I always say "No one ever read the instructions"... PLEASE READ THIS ONE!!!
— Des (@askdes) April 17, 2019
(This is the wrap over the screen of the Galaxy Fold) pic.twitter.com/LuQPRfDZIE
Galaxy Fold device එකේ Screen එක මත තිබෙන තුනී screen protector එකක් වැනි plastic layer එක ඉවත් කිරීමෙන් පසුව මෙම තත්ත්වය හටගෙන තිබෙන බව වාර්ථා වෙන අතර, මෙය ඉවත් නොකරන ලෙස Samsung සමාගම විසින් සඳහන් කර තිබෙනවා.

කොහොම නමුත් සාමාන්‍යයෙන් අලුතින් ජංගම දුරකථනයක් මිලදී ගත් විට දකින්නට ලැබෙන screen protection එක සඳහා අලවා තිබෙන පොලිතින් layer එකක් වැනි පෙනුමක් මෙයට ඇති නිසාවෙන්, නිතැතින්ම එය ඉවත් කිරීමට පරිශීලකයා පෙළඹෙන බව මොවුන් පෙන්වා දෙනවා.
The screen on my Galaxy Fold review unit is completely broken and unusable just two days in. Hard to know if this is widespread or not. pic.twitter.com/G0OHj3DQHw
— Mark Gurman (@markgurman) April 17, 2019
කොහොම වුණත් මේ layer එක ඉවත් නොකළ පිරිස් හට ද Display එක පිළිබඳව ගැටලු මතු වී තිබෙන අතර මේ ගැටළුව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ලබන බව Samsung සමාගම මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා.
මෙය හඳුන්වා දෙන අවස්ථාවේදී Samsung සමාගම ප්‍රකාශ කරනු ලැබුවේ මේ foldable screen එක නැවුම් වාර ලක්ෂ දෙකකට පමණ සාර්ථකව මුහුණදිය හැකි ආකාරයෙන් නිමවා ඇති බව වුණත්, සැබෑ ලෝකයේ භාවිතා කරන විට එය එසේ නොවන බව මේ වන විට ප්රත්යක්ෂ වී තිබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, CNET වෙබ් අඩවිය හා The Next Web වෙබ් අඩවිය භාවිතා කළ හැක.