පසුගිය පෙබරවාරි 20 වැනි දින Samsung සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම Foldable, එහෙමත් නැතිනම් නම්‍යශීලී display එකක් සහිත device එක වන Galaxy Fold ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම වුණත් බොහෝ දෙනෙකුගේ අදහස වූයේ මෙය නම්‍යශීලී device එකක් වුවත් ඉතාමත් පරෙස්සමට භාවිතා කළ යුතු විය හැකි බව වන අතර මෙම සැකය දුරුකරවීම සඳහා මේ වන විට Samsung සමාගම විසින් video එකක් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.

ඔවුන්ගේ stress testing නමින් හඳුන්වන පරීක්ෂණ වලදී මේ Galaxy Fold devices පරීක්ෂා කරනු ලබන ආකාරය මෙහිදී පෙන්වා දෙන අතර එහි නැවීමට හා දිගහැරීමට ගත වන කාලය ඉතාමත් කෙටි බව දැකගතහැකි වෙනවා.

Samsung සමාගම ප්‍රකාශ කරන අන්දමට දිනකට 100 වතාවක් මෙසේ නැවීමට/දිගහැරීමට කටයුතු කළහොත් අවුරුදු 5ක් යන තුරු කිසිඳු ගැටළුවකින් තොරව මෙය භාවිතා කළ හැකි අතර අවම තරමින් නැවීම්/දිගහැරීම් වාර් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් කිසිඳු දෝෂයක් ඇති නොවී සිදු කළ හැකි බව වාර්ථා වෙනවා.

මේ Galaxy Fold ජංගම දුරකථනය ලබන අප්‍රේල් මස 26 වැනිදා වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත වන අතර එය ඇමෙරිකානු ඩොලර් 1,980ක් ලෙස මිළ නියම කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා නිළ Samsung News වෙබ් අඩවිය භාවිතා කළ හැක.