ඔබ කුඩා කාලයේදී හෝ ජීවිතේ කවර හෝ කාලයකදී Game Boy Console එකකින් Game සෙල්ලම් කර තිබෙනවාට සැකයක් නැහැ.

නමුත් එහිදී ඔබ අප සැමවිටම මුහුණ දුන් ගැටලුවක් වූයේ යම් කාලයක් භාවිත කිරීමෙන් පසුව ඒවායේ බැටරි බැසීම සිදුවීම සහ ඒවාට අලුත් බැටරි දැමීමට සිදුවීමයි.

නමුත් බැටරි දැමීමට අවශ්‍ය නොවන Game boy game console එකක් නිපදවන්නට නෙදර්ලන්තයේ Northwestern University සහ the Delft University of Technology (TU Delft) යන සරසවිවල පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබෙනවා.

බැටරි නොමැති නම්, ක්‍රියාත්මක වීම සඳහා මෙම Console එක ශක්තිය ලබා ගන්නේ කොහෙන්ද යන ප්‍රශ්ණයට ඇති පිළිතුර ඉතා සරල එකක් වන අතර එනම්, එය යම් ප්‍රමාණයක සූර්ය ශක්තිය සහ ඔබ Console එකේ බොත්තමක් ඔබන විට, උපාංගය විසින් එම ශක්තියද නැවත Game Console එක සඳහා ශක්ති ප්‍රභවයක් බවට පත් කර ගන්නවා.

ඒ අනුව පරිශීලක ක්‍රියාවන්ගෙන් ශක්තිය උකහා ගන්නා පළමු උපාංගය බවට මෙම Game Console එක පත්වන අතර එම නිසා මෙම Game Console එක Power Off වීමක් සිදුවන්නේ නැහැ.

නමුත් මෙය දැනට සහය දක්වන්නෙ කුඩා LED තිර සදහා පමණක් වන අතර සූර්ය ශක්තිය උකහා ගැනීම සඳහා තිරය වටා කුඩා Solar panel සවිකර ඇති අතර බොත්තම් එබීමෙන් ලබා ගන්නා ශක්තියද නැවත Console එක බලගැන්වීම සඳහා අවශ්‍ය වන ශක්තියක් බවට පත්කරගැනීමද උපාංගය විසින්ම සිදුකරගනු ලබනවා.

එමෙන්ම උපාංගය අවශ්‍ය පරිදි මෙම Power Source දෙක අතර මාරු වීමද ස්වයංක්‍රීය සිදුකර ගන්නා බවද මෙම පර්යේෂකයන් සඳහන් කර තිබෙනවා.

නමුත් මෙම මාරුවීමකදී උපාංගය ක්‍රියාත්මක වීම සදහා වීම සඳහා අවශ්‍ය ශක්තිය නොමැති අවස්ථාවක් ද පැමිණිය හැකි අතර මේ නිසා යම්කිසි ඉතා කුඩා කාලයක් සඳහා Console එක අක්‍රිය වීම සිදු විය හැකියි.

නමුත් එය අවශ්‍ය ශක්තිය නැවත ලබා ගෙන ක්‍රියාත්මක වන විට ඔබ විසින් Game එක නැවැත්වූ ස්ථානයේ සිට ම නැවත Play කිරීමට හැකියාව තිබෙන අතර එය සම්ප්‍රදායික Game Console වල මෙන් Save කර තැබීම අවශ්‍ය වන්නේ නැහැ.

එමෙන්ම Software හා Hardware වැඩිදියුණු කිරීම හරහා මෙම ක්‍රියාවලියට ගතවන කාලය අඩු කර ගැනීමට හැකියාව තිබෙන බව දැන් පර්යේෂකයන් විසින් මේ විට හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව පරීක්ෂණ තව දුරටත් ඉදිරියට ගෙන යාම තුළින් මෙම ගැටලුවට ද විසඳුමක් ලැබෙනු ඇති.

යම් හෙයකින් මෙය 100% ක්ම සාර්ථක වුවහොත් එය පාරිසරික වශයෙන් ඉතාම හොඳ දෙයක් වනු ඇති අතර ඊට හේතුව නම් ඔරලෝසු, Remote control, දුරකථන, Game console ආදී දහස් ගණන් ඉලෙක්ට්‍රොනික උපාංග වලින් බැහැර කෙරෙන බැටරි වලින් පරිසරයට සිදුවන හානිය යම් ප්‍රමාණයකින් හෝ අඩු කරගැනීමට මෙම නව තාක්ෂණය මඟින් හැකියාව තිබීමයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Northwestern University වෙබ් අඩවිය, Tribune India වෙබ් අඩවිය, Gizmodo වෙබ් අඩවිය සහ CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.