ඔබ දන්නා හුරුපුරුදු ගීතයක වචන Google හි type කර සොයා ගැනීම හෝ download කිරීම ඉතාම පහසු කාරණාවක් වෙන බව ඔබ දැනටමත් අත්දැකීමෙන්ම දන්නා කාරණාවක් වෙනවා.

සිංහල හෝ ඉංග්‍රීසි ගීත ඔබට ඉහත සඳහන් කල පරිදි පහසුවෙන් සොයා ගත්තත්, වචන පහසුවෙන් මතක තබා ගත නොහැකි වෙනත් විදේශීය ගීත වල තනුව පමණක් මතකයේ රැඳී ඇති සිය ගණන් ගීත ඔබේ මතකයේ ඇතිවාට සැකයක් නැහැ.

ඉතින් එවැනි ගීත අමාරුවෙන් වචන සොයාගෙන Google හි type කර සොයන්නට ඔබ උත්සාහ කර, සමහර විට එම උත්සහයන් අතහැර දමන්නටත් ඇති. මන්ද බොහෝ විදේශීය ගීතවල තනුව අපට මතක තබාගත හැකි වුවත් ඒවායේ වචන අපට මතක නැති වීම මෙයට ප්‍රධානතම හේතුවයි.

මෙම අපහසුතාවට විසඳුමක් මේ වන විට Google සමාගම විසින් හඳුන්වා දී තිබෙන අතර එය සම්පුර්ණයෙන්ම වචන අමතක, නමුත් තනුව පමණක් මතක ගීත සොයාගන්නට ඔබට උදව් කරනු ලබනවා.

"Hum to search" ලෙස හඳුන්වා ඇති මෙම නව විශේෂාංගය දැන් Google ඔස්සේ අත්විඳීමට ඔබට හැකියාව තිබෙන අතර ඔබ කල යුත්තේ Google Search එකේ ඇති mic එක press කර "What is this song" ලෙස ඇසීමයි. අනතුරුව තත්පර 10-15 ක් පමණ ගීතය ඔබ දන්නා පරිදි විසිල් කිරීම හෝ ගායනා කිරීම හෝ තනුව කටහඬින් අනුකරනය කිරීම කල යුතු වෙනවා.

View post on imgur.com

මෙහිදි Google විසින් ඔබ අනුකරණය කල ගායනයට ආසන්නතම ගීතය සොයා දෙන අතර, එය දැනට ජනප්‍රිය භාශා 20කට පමණ සහය දක්වනවා සේම එය Android හා iOS යන platform දෙකටම සහය දක්වන බවද Google සමාගම පවසනවා.

Android සඳහා භාශා 20ක් දක්වා සහාය ලබාදෙන නමුත් iOS සඳහා තවමත් සහාය දක්වන්නේ English language එක සඳහා පමණක් වන බවත් Google සමාගම සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඉහත පරිදි Google Assistant wakeup කර ඔබට Google assistant ඔස්සේද මෙම පහසුකම භාවිතා කලහැකි බව Google සමාගම වැඩි දුරටත් පෙන්වා දෙනවා.

View post on imgur.com

මෙහිදී තාක්ෂණික වශයෙන් සිදු කර තිබෙන්නේ ජනප්‍රිය ගීත වල audio එක සඳහා number-based sequence එකක් සකස් කර ගබඩා කිරීම වන අතර ඔබ විසින් ලබා දෙන audio එකද machine learning algorithm එකක් මඟින් number-based sequence එකක් බවට පත් කරනු ලබනවා. අනතුරුව එය වඩාත්ම ගැලපෙන්නෙ කුමන sequence එකටද යන්න තීරණය කිරීම algorithm එක මඟින් සිදු කරන අතර එය search result එක ලෙස ලබා දීම සිදු කෙරෙනවා.

ඉතින් ඔබටත් තනුව පමණක් මතකයේ ඇති ගීත සොයා යාමට මෙම නව පහසුකම මනා පිටුවහලක් වනු ඇති බව අප විශ්වාස කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, GSM Arena වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ CNN වෙබ් අඩවිය භාවිතා කළ හැක.